නිවස > අහුලා ගත්තු දේවල් > ” හක්කපටස් “

” හක්කපටස් “

*

තුඹසක් හදයි වේයෙක් හරි වෙලාවට

කව්රුත් නොමැත මට වැරදුන වෙලාවට.

*

= සටහන =

*

ඉහත උපුටා දක්වා ඇත්තේ කතෘ අඥාත “ඛනිජ තෙල් කවියකි.”

*

ජනකවි යනු ජනතාව තුලින් මතුවූ ජනතාවගේ හද ගැස්මයි.

එය කලකට පෙර ලංකාවේ කරත්ත කවි,පතල් කවි, නෙලුම් කවි ලෙස වර්ග වෙන අතර,

වර්ගවාදයෙන් බැට කෑ අප්‍රිකානු වහල් සමාජයේ “රැප්” ලෙස උපත ලැබීය.

ජනකවි බොහෝවිට තම රැකියාවේ ස්වභාවය මත පදනම වූ අතර,

රැකියාවෙහි දුක ගැහැට මින් ප්‍රධාන විය.

*

හක්ක පටස් යනු,

ඌරන් ඇල්ලීම සඳහා ජනතාව විසින් හක්ක පටස් යොදා ගන්නා උගුලකි.

එම හක්ක පටස් අහාරයට ගන්න ඌරන්ගේ හක්ක තුල ඒවා පිපිරී යාමෙන් උන් මියයයි.

හක්ක පටස්වලින් සිදුවූ “අලි මරණ” ගැන පුවතක්  මෙතනින් කියවන්න.

*

“ඛනිජ තෙල්” ආශ්‍රිත රැකියාද එක පැත්තකින් හක්ක පටස් හා සමානය.

දිරිදීමනා, ඉහල අතිකාල සහ ඉහල වැටුප් තල පිරිනමන තෙල් රස්සාව,

සුවදැති හක්කපටස් මෙන් “මරණීය අවධානමක්”  සඟවාගෙන සිටියි.

කොයි මොහොතේ “කට ඇතුලේ පුපුරයිද?” යන අවධානම ගැබ්වී ඇත.

තමන් අතින් සිදුවන සුළු වැරැද්දට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවිය හැක.

අනෙක් රටවල වසර දහයක සේවයෙන් පසු අනිවාර්යයෙන් ඛනිජ තෙල් සේවකයන්

විශ්‍රාම යවනු ලබයි. එතරම්ම වූ අවධානමක් එහි ගැබ්ව ඇත.

*

ඛනිජ තෙල් රැගත් “දුම්රිය භෝගියක” ලියන ලද පෙර කී තෙල් කවියෙහි,

හක්කපටස් යනු කවියේ මාතෘකාවද ? රචකයාගේ අන්වර්ථ නමද?යන්න පැහැදිලි නැත.

සීගිරි කැටපත් පවුරේ කවි ලියුවන් මෙන්,

වචන දහයකින් තම ජීවිත කතාව “දුම්රිය භෝගියක්”,

සිය ප්‍රකාශන මාධ්‍යය කරගනිමින්,

ජීවන අත්දැකීම් මගින් ලද දාර්ශනිකත්වය

ලොවට පෙන්වීමට මෙහි  කතුවරයා සමත්ව ඇත.

*

Advertisements
  1. නොවැම්බර් 13, 2012 දින 11:12 පෙ.ව. ට

    පට්ට මචං . අද තමා දැනගත්තේ ඛනිජ තෙල් කවි ගැන 🙂

    • නොවැම්බර් 13, 2012 දින 2:21 ප.ව. ට

      එලාස්! තෑන්ක් යූ වේවා!
      you are the last person, that I thought would read and enjoy my blogs posts!
      Cheers!

      • Yohan
        නොවැම්බර් 13, 2012 දින 5:44 ප.ව. ට

        කීයක් හරි හොයාගන්න Java Programs ලිව්වට අපිටත් සාහිත්‍ය රසාස්වාදය යන්තම් හරි තේරෙනවා බං 😛

      • දෙසැම්බර් 3, 2012 දින 1:59 ප.ව. ට

        🙂

  2. Naveen
    නොවැම්බර් 13, 2012 දින 3:08 ප.ව. ට

    Thank you for such an insightful blog post! It takes a poet to see another poet.

  3. නොවැම්බර් 14, 2012 දින 1:20 පෙ.ව. ට

    thanks Naveen Ayya !!!
    Long time, No see 🙂

  4. Viraj
    ජූනි 11, 2013 දින 9:20 පෙ.ව. ට

    Niyama post eka.. superb.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: