නිවස > අත්දැකීම් | Experience > හැඳි ගෑරුප්පු , චීන කෑම සහ ටජ් මහල. | conflict of interest

හැඳි ගෑරුප්පු , චීන කෑම සහ ටජ් මහල. | conflict of interest

*

අද සමාජයේ භාවිත දේ,සිරිත් විරිත් ,විලාසිතා ආදී අතුරින් බොහොමයක අර්ථය
සහ මුලාරම්භය බොහෝ දෙනෙකේ නොදන්නවා මෙන්ම,නොසිතන බව පැහැදිලිය.
මුලාරම්භය කෙසේවෙතත් අරමුණ (යමක් කරන්නේ මන්ද?) යන්න අප එය කරනවා
නම් , දැනගත් යුතුය.

*

උදාහරණයක් ලෙස අපි කෑම කන්නේ එය ශරීරයට අවශ්‍ය
ශක්තිය ලබාදී, ශරීරය නිරෝගී කරන නිසාය.මේ අරමුනු හෝ ඒ හා බැඳුනු අරමුණු
හැර වෙනත් අරමුණු උදෙසා ආහාර ගැනීම එහි ප්‍රධාන අරමුණින් බැහැර වීමකි.
හරියට බලනවා නම් අපි කරන බොහොමයක් දේවල් එවැනි ස්වරූපයක් ගනියි.
අපේ මති මතන්දර සහ ආකල්පද එවැනි ම ආකාරයක් ගනී.
*

මේ එවැනි සංවාදය බදුන් කල හැකි අවස්ථා කිහිපයකි.

*

images

*

එංගලන්තයේ සුදු ජාතිකයන් පිහිය සහ ගෑරුප්පුව පාවිච්චි කරන්නේ ඔවුන්ගේ අහාර වන

සොසේජස්,මෑෂ් පොටේටෝ සහ මාළු හොඳින් කපා ආහාරයට ගැනීම පහසු කරගැනීමටය.

හැන්ද පාවිච්චි කරන්නේ බොහෝවිට සුප් බීමටය.

යටත්විජිත උරුමයෙන් මෙය ආභාෂයට ගන්න අපි බත් සහ එළවලු මාළුපිනි ආහාරයට ගැනීමට

කොහෙත්ම සුදුසු නොවන හැන්ද සහ ගෑරුප්පුව භාවිත කිරීම විහිළුවකි.

එය විලාසිතාවක් ලෙස ජනප්‍රිය වුවද ඇත්තටම සමාජයක් ලෙස අපගේ නුගත්භාවය,

ප්‍රායෝගික නොවන භාවය සහ අන්ධ හැසිරීම කියාපාන්නකි.

*

1) එක්කෝ ශ්‍රී ලාංකික කෑම හැන්ද සහ ගෑරුප්පුව මගින් කෑමට පහසුවන් ලෙස “මොඩිෆයි ” කල යුතුය.

(උදා: කටු නොමැති හෝ ඉවත් කල මස් සහ මාළු)

සුද්දන්ගේ කෑම, ලුණු හෝ ගම්මිරිස් දමගන්නවා හැරෙන්නට,  ලංකික කෑම මෙන් ඇති පමණට හොදි දමා අනාගෙන

කාම මත රස වෙනස් වන තරම්, සංකීර්ණත්වයක් නොමැති ප්‍රථමික සරල කෑමවේ.

2) නැත්නම් ඒ සඳහා සුදු වෙනත් ආයුධයක් නිර්මාණය කලයුතුය.

(චීනුන් මේ ආකාරයට තම අවශ්‍යතාවයට හා තම ආහාරවලට අනුව කෝටු  2ක් භාවිතා කරයි.

චීනුන්ගේ මෙම කෝටු භාවිතයට හේතුව බර වැඩ වල නිරතවීම නිසා තමන්ගේ ඇත ඉතා රළු ස්වභාවයක් ගැනීම සහ

තම අත්  වලින් ආහාර ගැනීමට තරම් ඒවා පිරිසිදු යයි නොසැලකීම යන කරුණුයි.)

3) නැතිනම් ලාංකික ආහාරවල නියම රසය ලබා ගත හැකි එකම ක්‍රමය වන ස්වභාවික මිනිස් ඇඟිලි 5 යොදාගත යුතුය.

*chinesefood

*

ලංකාවේ චීන කෑම සහ අවන්හල් ජනප්‍රිය වීමට බලපෑ ඇති හේතුව බොහෝ දෙනෙක් නොදනී.

බොහෝදෙනෙක් දන්නා දේ නම් චීන කෑම කෑම හෝ චීන අවන්හලකින් කෑම “පොෂ්” වැඩක් බවයි.

මුල්කාලයේ චීන කෑම ලංකාවේ ජනප්‍රිය වීමට හේතුව, චීනයේ සියලුම දේ මෙන්ම චීන කෑමද

ලාභදායක වීමයි. උදාහරණයක් ලෙස කොළඹ තරු පහේ හෝටලයක විවිධ රටවල ආහාර සපයන

අවන්හල් කිහිපයක් ඇතිනම්, අනිවාර්යයෙන් අදද ජපාන,තායි,මැලේෂියානු හෝ සමහරවිට ඉන්දියානු කෑම

වලට වඩා චීන කෑම මිලෙන් අඩුය.මෙනිසා චීන කාම ලංකාවේ ජනප්‍රිය විය.

ඇතැම්විට කතාවට කියන්නාක් මෙන් චීනයට වඩා ලංකාවේ චීන අවන්හල් බහුල වීමට හේතුව මෙයයි.

(අනෙක් හේතුව චීන අවන්හල් වලට “බියර් ප’මිට් ” පහසුවෙන් ලබාගත හැකි වීමයි.)

*

කෙසේවෙතත් ලංකාවේ ඇති නියම චීන් අවන්හලකින් හෝ පිටරටක ඇති චීන අවන්හලකින් චීන කෑම වේලක්

කන ලාංකිකයා, ජීවිතයේ ප්‍රථම වතාවට ඇත්තම චීන කෑම, ලාංකික චීන හෝටල් වලට ලබාදෙන එම නමින්ම ඇති කෑමට

වඩා සම්පුර්ණයෙන් වෙනස් බව හදුනාගනියි.

*

taj-mahal1

*

ඉන්දියාවේ අග්‍රා වල ඉදිකර ඇති “ටාජ් මහල” ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයකි.

කිසිදු සැකයක් නැත.සමහරු එය “සදාතනික ප්‍රේමයේ සිහිවටනයක්” ලෙසද හදුන්වති.

ඒ පිළිබඳව ගීත,චිත්‍රපට ආදිය ද බිහිවී තිබේ.

මෙහිදී නැවත පෙර කියූ ගැටලුව මතුව එයි.

*

මුම්ටාස් සාජහන්ගේ හතරවන බිරියයි. (ඔහුට බිරියන් හත් දෙනෙකු විය.)

සාජහන් මුම්ටාස් ව විවාහ කරගැනීමට ඇයගේ ස්වාමි පුරුෂයා මැරවීය.

මුම්ටාස් මියගියේ ඇයගේ දහහතරවන දරු උපතේදීය.

ඉන්පසු සාජහාන් මුම්ටාස්ගේ නැගණිය සරණපාවා ගත්තේය.

මෙම කතාවේ හෝ “ටජ් මහලේ” කොහේ හෝ ප්‍රේමය ගෑවී තිබී නම් මට එය නොපෙනේ.

කරුණාකර කවුරුන් හෝ මට එය වටහා දෙන්න.

*

Advertisements
ප්‍රවර්ග:අත්දැකීම් | Experience
  1. ජනවාරි 31, 2013 දින 3:14 ප.ව. ට

    මමත් ඔය කෑමවල රහ හොයන කෙනෙක්. එකම කෑම වුණත් හදන විධිය අනුව වෙනස් නිසා විශේෂ අවස්ථාවලදි හොයන්නෙ බලන්නෙ නැතිව කඩවල් වලින් කෑම ගන්නවා. ඔය හැන්දයි ගෑරුප්පුවයි පාවිච්චියටත් මම මනාපයි. මොකද අත හෝදන්න ඕන නැති නිසා.

    ටජ් මහල් ගැන කියලු කතාවනං මටත් සෑහෙන්න ඉස්සර තිබුණා. වචන වලින් කියන්න පුළුවන් දේවල් වගේම හංගන්න පුළුවන් දේවලුත් කොයිතරම්ද?

  2. ජනවාරි 31, 2013 දින 5:36 ප.ව. ට

    Arjumand Bano Begum නොහොත් මුම්ටාස් ගේ පළමු සැමියා කවුද? ඇය වයස 14 දී තමයි සා ජහන් සමඟ විවාහ ගිවිසුම් ගන්නේ. සා ජහන් නොහොත් Prince Khurram කියන්නේ එකම එක්කෙනායි. මුගල් අධිරාජ්‍යයේ ඔහුගේ පියා වූ Emperor Jahangir ගේ මරණයෙන් පසුව කුරාම් කුමාරයා සිංහාසනය ලබද්දී තමයි සා ජහන් යැයි නම වෙනස් කරන්නේ.

    පාලකයෙකුට එවක තිබි සම්ප්‍රදායන් අනුගමනයෙන් ගැලවීම අපහසුයි කියන එකත්, මූලාරම්භය අමතක නොකළ යුතු වගේම දෙයක්.

    ඔවුන් දෙදෙනා අතර තිබි ප්‍රේමය නිසා ඔවුන් සම්ප්‍රදායන් ගොඩක් වෙනස් කරන්නට සමත් වූවා මුම්ටාස් ජීවත්ව සිටි කාලයේ ම. ඇය අනිත් රාජකීය බිරින්ඳෑ වරුන් හා යහන්ගත වෙන්නට එපා යැයි සා ජහන් වෙතින් කළ ඉල්ලීම ඔහු පිළිපැදි බවයි ඉතිහාසයේ වාර්තා වෙන්නෙ. වයස 19 සිට වයස 40 වෙද්දී දරුවන් 14 ක් මුම්ටාස් හදන්නෙ ඒ නිසා වෙන්නැති. ඇය ඔහු සමඟ නොයෙක් දේශාටන චාරිකාවන් හි යෙදුනා යැයි සඳහන්. 15 වැනියා ප්‍රසූතයේ දී තමයි ඇය මිය යන්නෙ. ඒ කියන්නේ එවිට සා ජහන් ට වයස 41 යි. ඊට පස්සේ දේශපාලන හේතු නිසා ඔහු Akbarabadi Mahal සහ Kandahari Mahal යන දෙදෙනෙක් විවාහ කරගන්නවා. ඒත් ඔවුන් දෙදෙනාට රාජකීය බිරිඳ යන සාම්ප්‍රදායික පුටුව පමණයි ලැබුවේ කියායි සඳහන් වෙන්නේ.

    ටාජ් මහල් කතාවේ ප්‍රේමය දකින්නට බැරි ඔබ විවාහය නම් ප්‍රේමය යැයි සිතන නිසා ද?

    මුම්ටාස් නැති වූ පසු සා ජහන් ඇය වෙනුවෙන් මාලිගා හැදුවා මිස තවත් කාන්තාවකට ප්‍රේමය කළා යැයි සඳහන් නැහැ.

  3. Kenji @ Japan
    ජනවාරි 31, 2013 දින 10:43 ප.ව. ට

    දැනට ටික කලකට පෙර විදෙස් රටවල සංචාරය කර තිබෙන,මට වඩා වැඩිමහල් ජපන් ජාතිකයකු කියූ දෙයක් මතක් උනා.”ඔබලා මෙන් අතින් කෑම කන රටවල අය දෙස බැලුවාම මට හිතෙන්නෙ බත් සමග එළවලු/මස්/මාළු දිවට රසය දැනෙන ලෙස ඇගිලිවලින් මිශ්‍ර කර,දිවට දැනෙන රසය හරියැයි හැගුන පසු මුව තුලට දමාගෙන දිවෙන් රසවිදිමින් කන බවයි මට හැගෙන්නෙ.ඒ කියන්නෙ ඔබලා දෙසැරයක් ආහාරයක රස විදිනවා”කියල.එහෙම කියපු ඔහු “මට තියෙන ප්‍රශ්නෙ ඔය අත් කොපමන පිරිසිදුද කියන එක විතරයි”කියල කිව්ව.

  4. පෙබරවාරි 2, 2013 දින 5:49 පෙ.ව. ට

    හොද ලිපියක්.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: