Archive

Archive for පෙබරවාරි, 2013

මටත් කලින් බුදු වෙන්නද යසෝදරා ?

රත්න ශ්‍රී විජේසිංහ සම්බන්ධවූ නිර්මාණ දෙකක් ගතවූ වසරේ මා බෙහෙවින්ම සංවේදී කරවීය.

එකක් ඔහුගේ පද රචනයකි.

මේ පිලිබඳ  බ්ලොග් සටහන මෙතනින්.

*

අනෙක ඔහුගේ බිරිඳගේ වියෝව පිළිබඳව මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ පද සංකල්පනාවකි.

අනෙක් පුදගලයෙකුගේ භාවමය සිතුවිලි තමන්ගේ බවට පත්කර අනෙකාගේ සිතුවිලි ලෝකයට පිවිස,

අනෙකාගේ හැගීම් උද්දීපනය කිසිලෙසක ලේසි පහසු කාර්යයක් නොවේ.

කිවිඳිය එම කාර්යය කොතරම හොඳට ඉටුකොට තිබේද යත්,

මෙම පද පෙළ රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුන තරමටම හොඳය.

*

මෙහිදී එය පළවූ බ්ලොග් අඩවියකින් උපුටාගන්නා ලදී.

*

උපුටා ගැනීමකි.

*

Mother And Daughters

රත්න ශ්‍රී විජේසිංහගේ පිය බිරිඳ ඊයේ සමු නොගෙන ම ලොවෙන් නික්ම ගොස් තිබුණි.

*

ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා
දෑත නො හැර ළඟ හිටියේ කඳුළු දරා
සේම අහස දිය දී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදුණ යසෝදරා

තුන් යම බුදු පහන වෙවී ඇවිලෙන්නේ
ඒ එළියයි කවියට විවරණ දුන්නේ
ගේ මැද ගේ කුරුල්ලනි ඇයි නො කියන්නේ
හෙවණැල්ලක් කොහොමද සමු ගෙන යන්නේ

දුරු අරණේ මල් නො පිපුණ හවස් කල
දරු පැටවුන් රැක නො නිඳා පහන් කළ
තටු ඇවිදින් උන් ඉගිළුණු දවස්වල
තටු විහිදා මා රැකගත් කිරිල්ලිය

රාත්‍රියක වැළපෙන ගුරු තරුව අරා
බේත් පොවා ළය අත ගා වරින් වරා
පිටත් වුනේ අල්ලා ගත් අත නොහැරා
මටත් කලින් බුදු වෙන්නද යසෝදරා

පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොමවී හෙට එළි වෙන්න
හේමමාලි එක පාරක් යළි එන්න

*

26-08-2012
Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

*