Archive

Archive for ජූනි, 2013

පොසොන් පෝය දින උදැසන කොළ කැඳ දානය | what they don’t teach you in an MBA course.

*

images

*

පහුගිය මාස 6ක් තිස්සේ මේ මල්ලීට  “කළමනාකාරිත්ව  අභ්‍යාසලාභී” පුහුණු  වැඩසටහනකට

සහභාගී සහභාගී වීමට අවස්ථාව ලැබුණි.එහිදී විවිධ දේශන/වැඩමුළුවලට යොමුවීමට අවස්ථාව ලැබුණි.

මේ අතර සහකාර  ආයතනික කටයුතු කළමනාකාර “අයියා” සමග පහත කතාබහ කරන්නට කරන්නට ලැබුණි.

*

මල්ලි පොඩි ” සිටුවේශන් ” එකක් කියන්නං.

ඔයා ඒ අවස්ථාවට මුහුණ දුන්නොත් මොකද කරන්නේ කියල කියනවද?

හරි කියන්නකෝ.

*

ඔන්න අපේ ආයතනයෙන් පොසොන් පෝයට මිහින්තලේ සිල්  ගන්න ගන්න කට්ටියට උදේ කොළ කැඳ

දානය බාරගත්ත කියමුකෝ.දන්නවනේ පොසොන් පෝයට මිහින්තලේ 3000 ක වැඩි සෙනගක්  සිල් ගන්නවා.

උදේ කොළ කැඳ දානය කියන්නේ භාරදුර වැඩක්.

උදේ 6 වෙනකොට ඔක්කොම ලැස්ති වෙලා තියෙන්න ඕනේ.ලෑන්ඩ් මාස්ටරයක විතර හාතාවාරිය,

වැල් පෙනෙල අරව මේවා ඕනේ වෙනවා.දඩ බද ගාලා කොළ කැඳ බෙදන්නත් ඕනේ.

අමාරු වැඩක් 3000 කට කොළ කැඳ දෙනවා කියන්නේ.

රස්නේ පිටින් දෙන්නත් ඕනේ.

*

දැන් ඔන්න අමාරුම හරිය කොහොම හරි කරගත්ත කියන්නකෝ.

දැන් වෙලාව උදේ 4.55 යි.වැඩේ දෙය්යනේ කියල යනවා.

90% ක් දුරට කොළ කැඳ හදන වැඩේ ඉවරයි වගේ.

*

ඔන්න එක පාරටම අපේ පොරක් ඇවිල්ල කියනවා.

මාර සීන් එකනේ මචන්.

තියෙන ලොකුම කොළ කැඳ හැලියට පූසෙක් වැටිලානේ….!

දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ!

ඔයා තමයි දැන් මෙතන “ඉන් චාර්ජ්”.

තීරණය ඔයාගේ අතේ.

දැන් මොකද කරන්නේ!

*

ඔයාට ඔයාට කොළ කැඳ නොදී ඉන්න බැහැ.

එකක් 3000ක් විතර සිල් ඇත්තෝ එතකොට බඩගින්නේ.

ඒක පව්.

අනිත් එක වගකිවයුතු ආයතනයක්  විදිහට ඒක ලොකු ලැජ්ජාවක්.මදි කමක්.

ඔයාගේ නායකත්වය කළමනාකාරිත්වය මෙහෙයුම් හැකියාවට ලොකු කළු පැල්ලමක්.

හැමෝගෙන්ම සමාව ඉල්ලන්න පුළුවන්.

ඒ වුනාට එකෙන් වැඩක් නැහැ.

*

ඔයාට මේ පූසගේ කේස් එකත් එක්ක කොළ කැඳ දෙන්නත් බැහැ.

හදිස්සියේ හරි සිල් ගත්ත ය ලෙඩ උනොත් මල ජංජාලයයි.

මුළු පෝය දවසේ වැඩසටහනම කඩාකප්පල් වෙනවා.

මේ මල යකා වැටිලා තියෙන්නේ අඩුම ගානේ 2000 කට විත කැඳ හදපු ලොකුම හැලියේ.

දැන් මොකද අපි කරන්නේ ???

*

11

*

ඔන්න තත්වය.

ඒ අයියට මේ මල්ලි දුන්න උත්තර මොහොතකට අමතක කරමුකෝ.

කොහොමද මේක ගොඩ දාන්නේ ?

මම දන්නේ නැහැ මේ ප්‍රශ්නයට MBA,CFA අරව මේවා qualified කට්ටිය කොහොම විසදුමක් දෙයිද කියලා.

algorithms,techniques,hypothesis අරව මේවා වලින් විසදුමක් තියෙනවනම් හොඳයි.

කොහොම කොහොම හරි.

මම දුන්න විසදුම් 25% – 30% කට වඩා ප්‍රායෝගිකව ප්‍රශ්නේ විසඳුවේ නැහැ.

මම අයියගෙන්ම ඇහුවා අයියා හිටියනන්ග් මොකද කරන්නේ කියලා.

*

පොර කියනවා.

බොහොම සරලයි මල්ලි .

1) පූසාව අයින් කරනවා. ඌ හිටපු හරියෙන් කැඳ බාල්දියක් විතර විසි කරලා දානවා.

2) එකෙක්ටවත් මේක ගැන කියන්න එපා.දන්නා එවුන්ට කට හොලවන්න දෙන්න එපා.

3) කොහෙන් හරි හැකි ඉක්මනින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක් ව හොයාගෙන එනවා.

4) පොරට කියනවා අපි මේ බොහොම ශ්‍රද්ධාවෙන්   හදපු කොල කැඳ එක පරීක්ෂා කරලා,

මේක මහජන අනුභවයට සුදුසුද කියල සහතිකයක් නිකුත් කරන්න කියල.

ඉතින් ඊළඟට…,

මම මල්ලී කොරවී නොඉවසිලිමත්ව අහගෙන සිටින්නෙමි.

*

ඉතින් බං,

ඌ සුදුසුයි කිව්වොත් අපි දෙනවා.

හදිස්සියේ හරි කවුරු හරි අසනීප උනොත් ඌ ගස්.

පොර හරියට තමන්ගේ රාජකාරිය කරලා නැහැ.

අපි මොනවා කරන්නද ???

ඌ දෙන්න කිව්වා අපි දුන්නා.

*

ඌ නුසුදුසුයි කිව්වොත් අපි නොදී ඉන්නවා.

අපි ශ්‍රද්ධාවෙන් මහන්සි වෙලා ධාර්මික උපයාගත් මුදලින් දානයක් ලෑස්ති කලා.

මූ  කාලකන්නිය දෙන්න එපා කිව්වා.

ඉතින් අපි මොකද කරන්නේ?

*

අයියා අපේ රටේ ඉහලම තැනට යන්නටද සුදුසු මොලයකි.

*

376815_445705958796189_1830258678_n

*

අපේ රටේ අධ්‍යාපනය මනින්නේ මොන කෙහෙල්මලකින්ද යන්න අපැහැදිලිය.

එය බොහෝවිට මාලුවෙක්ගේ අගය උගේ ගස් නැගීමේ හැකියාව මත මනිනවාට මනිනවා වැනිය.

*

යමෙකුගේ දැනුම සහ බුද්ධිය යනු අධ්‍යාපන සුදුසුකම් නොවන අතර,

වැඩිමහල්වීම යනු වයස නොවේ.

මෙහි එකක් අනෙක යයි කිසිවිටක වරදවා වටහා නොගත යුතුය.

*

බැංකු කළමනාකරු සහ මංකොල්ලකාරයෝ | self-taught MBA


222-1

*

අනුවාදයකි.

*

චීනයේ “ග්වාන්ෂු ” ප්‍රදේශයේ බැංකු මංකොල්ලයක් සිදුවිය.

එහිදී මංකොල්ලකරුවෙක් බැංකුවේ සිටි පිරිසට මෙසේ පැවසීය

“කවුරුවත් හෙලවෙන්න එපා.සල්ලි අයිති ආණ්ඩුවට.

උඹලගේ ජීවිත් අයිති උඹලට.

බැංකුවේ උන් සියලු දෙනා නිහඩව බිම දිගාවුනි.

මෙය “මනස වෙනස් කිරීමේ සංකල්පය” ලෙස හැඳින්වේ.

සාම්ප්‍රදායික චින්තන රටාවෙන් බැහැර වීම මින් අදහස් කෙරේ.

*

එහි එක ස්ථානයක මේසයක් මත කාන්තාවක් (ඕනෑකමින් හෝ ඉබේටම) තමන් සිටි ඉරියව්වෙන්ම නොසෙල්වී

(වෙන දෙයක් වෙද්දෙන් යයි ) සිටියාය. මංකොල්ලකරුවා ඇය  අමතා,

“කරුණාකර සංවරව හැසිරෙන්න.මෙය මංකොල්ලයක් මිස ස්ත්‍රී දුෂණයක් නොවේ” යයි පැවසීය.

මෙය ඔහුගේ “වෘත්තීයමය නිපුණතාවයයි”.

සැමවිටම අපි පුහුණුවී සිටින දෙය පිළිබඳව අවධානය යොමුකළ යුතුය.

*

මංකොල්ලය සාර්ථකව සිදු කර බැංකුවෙන් නික්ම යාමට පෙර “ව්‍යාපාර කළමනාකරණය ” පිලිබඳ පශ්චාත් උපාධිධාරී

තරුණ මංකොල්ලකරුවා,ප්‍රාථමික අධ්‍යාපනය පමණක් නිමකළ වයස්ගතමංකොල්ලකරුවාගෙන් මෙසේ විමසීය.

“අපි යන්න කලින් කොච්චර සල්ලි මෙතන තියෙනවාද බලමු?”

“මෙච්චර සල්ලි තොගයක් මෙතන ගන්නිනේ කොහොමද?

අද රෑ  ප්‍රවෘත්තී වලින් අපිට දැනගන්න පුළුවන් හරියටම ගැන කීයද කියලා ”

මෙය පැහැදිලි ලෙසම “අත්දැකීම”යි.

අද කාලයේ අත්දැකීම අධ්‍යාපන සුදුසුකම් වලට වඩා බෙහෙවින් වැදගත්ය.

මංකොල්ලකරුවන් නික්ම ගිය පසු බැංකු කළමනාකරු සිය සගයන්ට  වහාම පොලිසිය අමතන ලෙස උපදෙස් ලබා දුනි.

එවිට එක සගයෙක් මෙසේ පැවසීය.

“පොඩ්ඩක් ඉන්න! අර අපි හොරකම් කරපු සල්ලි මිලියන 10ත් හොරු අරන් ගිය ගානට දාමු ”

මෙය “ගඟ ගලන අතට පිහිනීමයි”. එනම් එක අවාසනාවන්ත සිදුවීමක් තමන්ගේ වාසියට යොදාගැනීමයි.”

මෙවිට තවත් බැංකු සගයෙක් මෙසේ පැවසීය.

“හැම මාසෙම හොරකමක් වෙනවා නංග හොඳයි”.

මේ “කම්මැලිකම මගහැරවාගනීමයි“.

කවුරු මොනවා කිව්වත් සතුට ඉතාමත් වැදගත් දෙයකි.

*

මීළඟ දිනයේ රුපවාහිනි ප්‍රවෘත්ති මිලියන 100යක බැංකු මංකොල්ලයක් පිලිබඳව වාර්තා පලකරන ලද

අතර මංකොල්ල කරුවන් කෙතරම් ගණන් කලද ඔවුන් ලන් මිලියන 20කට වඩා මුදල් තිබුනේ නැත.

මංකොල්ල කරුවන් පැවසුයේ,

“අපි ජීවිත පරදුවට තියල හොරකම් කරලත් අපිට හම්බුනේ මිලියන 20යි.

බැංකු කලමනාකර පොඩ්ඩක් වත් මහන්සි නොවී මිලියන 80ක් හම්බකලා.

පේන විදියට උගත් හොරෙක් වීම තමා වඩාත්ම  සුදුසු.”

එනම්, දැනුමෙහි අගය රන් හා සමාන බවයි.

*

බැංකු කළමනාකරු සිනාසෙමින් සතුටින් පසුවිය.

මීට හේතුව ඔහු විසින් යම් කොටස් වෙළඳපල ගනුදෙනුවක් නිසා  ලාබූ අධික පාඩුව මෙමගින් පියවීම නිසායි.

මෙය,

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමයි.

අවදානම් ගැනීමට බිය නොවීමයි.

*

*

          ” මිනිසෙකුට තුවක්කුවක් දුන් විට ඔහු බැංකුවක් හොරකම් කරාවි.

            මිනිහෙකුට බැංකුවක් දුන් විට ඔහු මුළු ලෝකයම හොරකම් කරාවී . “

*

*

සබැඳි

*