නිවස > අහුලා ගත්තු දේවල් > බැංකු කළමනාකරු සහ මංකොල්ලකාරයෝ | self-taught MBA

බැංකු කළමනාකරු සහ මංකොල්ලකාරයෝ | self-taught MBA


222-1

*

අනුවාදයකි.

*

චීනයේ “ග්වාන්ෂු ” ප්‍රදේශයේ බැංකු මංකොල්ලයක් සිදුවිය.

එහිදී මංකොල්ලකරුවෙක් බැංකුවේ සිටි පිරිසට මෙසේ පැවසීය

“කවුරුවත් හෙලවෙන්න එපා.සල්ලි අයිති ආණ්ඩුවට.

උඹලගේ ජීවිත් අයිති උඹලට.

බැංකුවේ උන් සියලු දෙනා නිහඩව බිම දිගාවුනි.

මෙය “මනස වෙනස් කිරීමේ සංකල්පය” ලෙස හැඳින්වේ.

සාම්ප්‍රදායික චින්තන රටාවෙන් බැහැර වීම මින් අදහස් කෙරේ.

*

එහි එක ස්ථානයක මේසයක් මත කාන්තාවක් (ඕනෑකමින් හෝ ඉබේටම) තමන් සිටි ඉරියව්වෙන්ම නොසෙල්වී

(වෙන දෙයක් වෙද්දෙන් යයි ) සිටියාය. මංකොල්ලකරුවා ඇය  අමතා,

“කරුණාකර සංවරව හැසිරෙන්න.මෙය මංකොල්ලයක් මිස ස්ත්‍රී දුෂණයක් නොවේ” යයි පැවසීය.

මෙය ඔහුගේ “වෘත්තීයමය නිපුණතාවයයි”.

සැමවිටම අපි පුහුණුවී සිටින දෙය පිළිබඳව අවධානය යොමුකළ යුතුය.

*

මංකොල්ලය සාර්ථකව සිදු කර බැංකුවෙන් නික්ම යාමට පෙර “ව්‍යාපාර කළමනාකරණය ” පිලිබඳ පශ්චාත් උපාධිධාරී

තරුණ මංකොල්ලකරුවා,ප්‍රාථමික අධ්‍යාපනය පමණක් නිමකළ වයස්ගතමංකොල්ලකරුවාගෙන් මෙසේ විමසීය.

“අපි යන්න කලින් කොච්චර සල්ලි මෙතන තියෙනවාද බලමු?”

“මෙච්චර සල්ලි තොගයක් මෙතන ගන්නිනේ කොහොමද?

අද රෑ  ප්‍රවෘත්තී වලින් අපිට දැනගන්න පුළුවන් හරියටම ගැන කීයද කියලා ”

මෙය පැහැදිලි ලෙසම “අත්දැකීම”යි.

අද කාලයේ අත්දැකීම අධ්‍යාපන සුදුසුකම් වලට වඩා බෙහෙවින් වැදගත්ය.

මංකොල්ලකරුවන් නික්ම ගිය පසු බැංකු කළමනාකරු සිය සගයන්ට  වහාම පොලිසිය අමතන ලෙස උපදෙස් ලබා දුනි.

එවිට එක සගයෙක් මෙසේ පැවසීය.

“පොඩ්ඩක් ඉන්න! අර අපි හොරකම් කරපු සල්ලි මිලියන 10ත් හොරු අරන් ගිය ගානට දාමු ”

මෙය “ගඟ ගලන අතට පිහිනීමයි”. එනම් එක අවාසනාවන්ත සිදුවීමක් තමන්ගේ වාසියට යොදාගැනීමයි.”

මෙවිට තවත් බැංකු සගයෙක් මෙසේ පැවසීය.

“හැම මාසෙම හොරකමක් වෙනවා නංග හොඳයි”.

මේ “කම්මැලිකම මගහැරවාගනීමයි“.

කවුරු මොනවා කිව්වත් සතුට ඉතාමත් වැදගත් දෙයකි.

*

මීළඟ දිනයේ රුපවාහිනි ප්‍රවෘත්ති මිලියන 100යක බැංකු මංකොල්ලයක් පිලිබඳව වාර්තා පලකරන ලද

අතර මංකොල්ල කරුවන් කෙතරම් ගණන් කලද ඔවුන් ලන් මිලියන 20කට වඩා මුදල් තිබුනේ නැත.

මංකොල්ල කරුවන් පැවසුයේ,

“අපි ජීවිත පරදුවට තියල හොරකම් කරලත් අපිට හම්බුනේ මිලියන 20යි.

බැංකු කලමනාකර පොඩ්ඩක් වත් මහන්සි නොවී මිලියන 80ක් හම්බකලා.

පේන විදියට උගත් හොරෙක් වීම තමා වඩාත්ම  සුදුසු.”

එනම්, දැනුමෙහි අගය රන් හා සමාන බවයි.

*

බැංකු කළමනාකරු සිනාසෙමින් සතුටින් පසුවිය.

මීට හේතුව ඔහු විසින් යම් කොටස් වෙළඳපල ගනුදෙනුවක් නිසා  ලාබූ අධික පාඩුව මෙමගින් පියවීම නිසායි.

මෙය,

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමයි.

අවදානම් ගැනීමට බිය නොවීමයි.

*

*

          ” මිනිසෙකුට තුවක්කුවක් දුන් විට ඔහු බැංකුවක් හොරකම් කරාවි.

            මිනිහෙකුට බැංකුවක් දුන් විට ඔහු මුළු ලෝකයම හොරකම් කරාවී . “

*

*

සබැඳි

*
Advertisements
  1. ජූනි 10, 2013 දින 7:26 ප.ව. ට

    අවධානම සහ අවැසි කල නිවැරදි පියවර ගැනීම හැමවිටම උපරිම උපක්‍රමශීලී බවින් යුක්තයි..!!
    මටත් ආසයි හොරෙක් වෙන්න, දැනුම අත්දැකීම හොරකම් කරන…,

  2. ජූනි 10, 2013 දින 7:47 ප.ව. ට

    🙂

  3. Pajero
    ජූනි 11, 2013 දින 2:14 පෙ.ව. ට

    කාලෙකට පස්සේ කියෙව්ව ඉතා හොද පෝස්ට් එකක්…….. සිහියෙන් කියවනවනම් ගන්න දේවල් හුගක් තියෙනවා…….

  4. kalo
    ජූනි 11, 2013 දින 3:59 පෙ.ව. ට

    uba lassanata liyanawa machn man ube post ekak enakan tamai balan inne (y)

  5. ජූනි 11, 2013 දින 4:29 පෙ.ව. ට

    “මිනිසෙකුට තුවක්කුවක් දුන් විට ඔහු බැංකුවක් හොරකම් කරාවි.
    මිනිහෙකුට බැංකුවක් දුන් විට ඔහු මුළු ලෝකයම හොරකම් කරාවී”

    මේක නම් සීයට දෙසීයක් හරි කියලා හිතෙනවා මේ දවස්වල ලංකාව දිහා බලපුවාම . .

  6. ජූනි 11, 2013 දින 1:23 ප.ව. ට

    සුපිරි අදහස් ටිකක් මචං!

  7. ජූනි 11, 2013 දින 1:35 ප.ව. ට

    පොසිටිව් තින්කින්ග්.
    //“මිනිසෙකුට තුවක්කුවක් දුන් විට ඔහු බැංකුවක් හොරකම් කරාවි.
    මිනිහෙකුට බැංකුවක් දුන් විට ඔහු මුළු ලෝකයම හොරකම් කරාවී”//
    මේක තමයි පන්ච් ලයින් එක! 😀

  8. ජූනි 11, 2013 දින 3:18 ප.ව. ට

    horakamata ugat kamai buddiyai vasanawai tibunot kohomada.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: