නිවස > අත්දැකීම් | Experience, අහුලා ගත්තු දේවල්, චරිතාපදාන | Biography > පොසොන් පෝය දින උදැසන කොළ කැඳ දානය | what they don’t teach you in an MBA course.

පොසොන් පෝය දින උදැසන කොළ කැඳ දානය | what they don’t teach you in an MBA course.

*

images

*

පහුගිය මාස 6ක් තිස්සේ මේ මල්ලීට  “කළමනාකාරිත්ව  අභ්‍යාසලාභී” පුහුණු  වැඩසටහනකට

සහභාගී සහභාගී වීමට අවස්ථාව ලැබුණි.එහිදී විවිධ දේශන/වැඩමුළුවලට යොමුවීමට අවස්ථාව ලැබුණි.

මේ අතර සහකාර  ආයතනික කටයුතු කළමනාකාර “අයියා” සමග පහත කතාබහ කරන්නට කරන්නට ලැබුණි.

*

මල්ලි පොඩි ” සිටුවේශන් ” එකක් කියන්නං.

ඔයා ඒ අවස්ථාවට මුහුණ දුන්නොත් මොකද කරන්නේ කියල කියනවද?

හරි කියන්නකෝ.

*

ඔන්න අපේ ආයතනයෙන් පොසොන් පෝයට මිහින්තලේ සිල්  ගන්න ගන්න කට්ටියට උදේ කොළ කැඳ

දානය බාරගත්ත කියමුකෝ.දන්නවනේ පොසොන් පෝයට මිහින්තලේ 3000 ක වැඩි සෙනගක්  සිල් ගන්නවා.

උදේ කොළ කැඳ දානය කියන්නේ භාරදුර වැඩක්.

උදේ 6 වෙනකොට ඔක්කොම ලැස්ති වෙලා තියෙන්න ඕනේ.ලෑන්ඩ් මාස්ටරයක විතර හාතාවාරිය,

වැල් පෙනෙල අරව මේවා ඕනේ වෙනවා.දඩ බද ගාලා කොළ කැඳ බෙදන්නත් ඕනේ.

අමාරු වැඩක් 3000 කට කොළ කැඳ දෙනවා කියන්නේ.

රස්නේ පිටින් දෙන්නත් ඕනේ.

*

දැන් ඔන්න අමාරුම හරිය කොහොම හරි කරගත්ත කියන්නකෝ.

දැන් වෙලාව උදේ 4.55 යි.වැඩේ දෙය්යනේ කියල යනවා.

90% ක් දුරට කොළ කැඳ හදන වැඩේ ඉවරයි වගේ.

*

ඔන්න එක පාරටම අපේ පොරක් ඇවිල්ල කියනවා.

මාර සීන් එකනේ මචන්.

තියෙන ලොකුම කොළ කැඳ හැලියට පූසෙක් වැටිලානේ….!

දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ!

ඔයා තමයි දැන් මෙතන “ඉන් චාර්ජ්”.

තීරණය ඔයාගේ අතේ.

දැන් මොකද කරන්නේ!

*

ඔයාට ඔයාට කොළ කැඳ නොදී ඉන්න බැහැ.

එකක් 3000ක් විතර සිල් ඇත්තෝ එතකොට බඩගින්නේ.

ඒක පව්.

අනිත් එක වගකිවයුතු ආයතනයක්  විදිහට ඒක ලොකු ලැජ්ජාවක්.මදි කමක්.

ඔයාගේ නායකත්වය කළමනාකාරිත්වය මෙහෙයුම් හැකියාවට ලොකු කළු පැල්ලමක්.

හැමෝගෙන්ම සමාව ඉල්ලන්න පුළුවන්.

ඒ වුනාට එකෙන් වැඩක් නැහැ.

*

ඔයාට මේ පූසගේ කේස් එකත් එක්ක කොළ කැඳ දෙන්නත් බැහැ.

හදිස්සියේ හරි සිල් ගත්ත ය ලෙඩ උනොත් මල ජංජාලයයි.

මුළු පෝය දවසේ වැඩසටහනම කඩාකප්පල් වෙනවා.

මේ මල යකා වැටිලා තියෙන්නේ අඩුම ගානේ 2000 කට විත කැඳ හදපු ලොකුම හැලියේ.

දැන් මොකද අපි කරන්නේ ???

*

11

*

ඔන්න තත්වය.

ඒ අයියට මේ මල්ලි දුන්න උත්තර මොහොතකට අමතක කරමුකෝ.

කොහොමද මේක ගොඩ දාන්නේ ?

මම දන්නේ නැහැ මේ ප්‍රශ්නයට MBA,CFA අරව මේවා qualified කට්ටිය කොහොම විසදුමක් දෙයිද කියලා.

algorithms,techniques,hypothesis අරව මේවා වලින් විසදුමක් තියෙනවනම් හොඳයි.

කොහොම කොහොම හරි.

මම දුන්න විසදුම් 25% – 30% කට වඩා ප්‍රායෝගිකව ප්‍රශ්නේ විසඳුවේ නැහැ.

මම අයියගෙන්ම ඇහුවා අයියා හිටියනන්ග් මොකද කරන්නේ කියලා.

*

පොර කියනවා.

බොහොම සරලයි මල්ලි .

1) පූසාව අයින් කරනවා. ඌ හිටපු හරියෙන් කැඳ බාල්දියක් විතර විසි කරලා දානවා.

2) එකෙක්ටවත් මේක ගැන කියන්න එපා.දන්නා එවුන්ට කට හොලවන්න දෙන්න එපා.

3) කොහෙන් හරි හැකි ඉක්මනින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක් ව හොයාගෙන එනවා.

4) පොරට කියනවා අපි මේ බොහොම ශ්‍රද්ධාවෙන්   හදපු කොල කැඳ එක පරීක්ෂා කරලා,

මේක මහජන අනුභවයට සුදුසුද කියල සහතිකයක් නිකුත් කරන්න කියල.

ඉතින් ඊළඟට…,

මම මල්ලී කොරවී නොඉවසිලිමත්ව අහගෙන සිටින්නෙමි.

*

ඉතින් බං,

ඌ සුදුසුයි කිව්වොත් අපි දෙනවා.

හදිස්සියේ හරි කවුරු හරි අසනීප උනොත් ඌ ගස්.

පොර හරියට තමන්ගේ රාජකාරිය කරලා නැහැ.

අපි මොනවා කරන්නද ???

ඌ දෙන්න කිව්වා අපි දුන්නා.

*

ඌ නුසුදුසුයි කිව්වොත් අපි නොදී ඉන්නවා.

අපි ශ්‍රද්ධාවෙන් මහන්සි වෙලා ධාර්මික උපයාගත් මුදලින් දානයක් ලෑස්ති කලා.

මූ  කාලකන්නිය දෙන්න එපා කිව්වා.

ඉතින් අපි මොකද කරන්නේ?

*

අයියා අපේ රටේ ඉහලම තැනට යන්නටද සුදුසු මොලයකි.

*

376815_445705958796189_1830258678_n

*

අපේ රටේ අධ්‍යාපනය මනින්නේ මොන කෙහෙල්මලකින්ද යන්න අපැහැදිලිය.

එය බොහෝවිට මාලුවෙක්ගේ අගය උගේ ගස් නැගීමේ හැකියාව මත මනිනවාට මනිනවා වැනිය.

*

යමෙකුගේ දැනුම සහ බුද්ධිය යනු අධ්‍යාපන සුදුසුකම් නොවන අතර,

වැඩිමහල්වීම යනු වයස නොවේ.

මෙහි එකක් අනෙක යයි කිසිවිටක වරදවා වටහා නොගත යුතුය.

*

Advertisements
  1. ජූනි 11, 2013 දින 5:42 ප.ව. ට

    ඩිග්‍රිය නවත්තලා අර “අයියා” ගාවට ටියුශන් යමන්.., පාඩු නෑ..!
    මෙන්න තියරි..! ප්‍රැක්ටිකල් මවනවා..!!
    සිටුවේශන් එකක්ට මේ තියරිය ඇප්ලයි කලොත් මට හිතෙන විදියට ගොඩ යන්න හොඳ චාන්ස් එකක් තියෙනවා..!!
    අනික “අඬුව තියෙද්දී අත පුච්ච ගන්නේ මොකටද??”

  2. ජූනි 11, 2013 දින 5:50 ප.ව. ට

    සිරාවට. හැබැයි ආයෙ උඹලා මොන දන්සැල දෙනව කිව්වත් එන්නෙ නම් නෑ.! 😀

  3. ජූනි 11, 2013 දින 5:58 ප.ව. ට

    අපේ රටේ වැඩිපුර තැනක් තියෙන්නේ හරියට වැඩ කරන මිනිහට නෙමේ….
    ඒ වෙලාවේ අවශ්‍යතාවය මත මොකක් හෝ දෙයක් කරලා තමන්ව, තමන්ගේ කණ්ඩායම, ආයතනය හෝ තමන් නියෝජනය කරන තැන (රට) ගොඩ දාන මිනිහට…
    මොන්ටිසෝරි යන එකාට ඉඳලා පුරුදු කරන්නේ ඒක…
    අගය කරන්නේ එහෙම කරන පුද්ගලයව…
    ඒක අපේ ඇඟේ තියෙන දෙයක් දැං…
    ඕක වෙනස් වෙන එකක් නැහැ තව පරම්පරා ගාණකට…
    ඒක නිසා, අපේ ළමයින්වත් ඒ ක්‍රමේට පුරුදු කරවන්න වෙනවා…
    නැත්තන්ග් උංව සමාජෙන් කැපුනම, උං සාප කරන්නේ අපිට…
    “හරියට” උංව හැදුවේ නැහැ කියලා…

    • ජූනි 12, 2013 දින 5:59 පෙ.ව. ට

      එක තමා! හරියට වැඩ කරලා වැඩක් නැහැ.
      ඕනේ වෙලාවට ඕනේ වැඩේ කරන්නේ නැතුව .
      බෝලේ එන වෙලාවේ තමන්ව පහු කරලා විකට් එකේ වදින්න කලින් මොන සෙල්ලමක් කරලා හරි වාදීන් එක නවත්තගන්න ඕනේ.
      🙂
      එක තමයි මමත් මේක ලියන්න හිතුවේ.
      පොඩි එවුන්ට නෙමේ MBA කරන උන්ටවත් මේවා උගන්නනේ නැහැ.
      ඉස්තුතියි!

  4. ජූනි 11, 2013 දින 6:15 ප.ව. ට

    වැඩේ දන්න කීප දෙනා විශ්වාසනං ඕක ගොඩ. නැත්තං ඕක හරි යන එකකුත් නෑ.

  5. බුරු
    ජූනි 11, 2013 දින 6:49 ප.ව. ට

    කව්ද අප්පා හාතාවාරිය කැඳ වලට පූස් කැඳත් දෙන්නේ. අදහන්න ඕනේ මේ අව්ගේ මාකටින් බුවාලා.. :)http://s0.wp.com/wp-includes/images/smilies/icon_biggrin.gif?m=1129645325g

  6. amila chathuranga
    ජූනි 11, 2013 දින 11:58 ප.ව. ට

    ඒ විසදුම හොද එකක් නේ..අනික චිකන් සුප් බොන්න හොද නම් මම හිතන්නෙ පූස් සුප් වල එච්චර ලොකු අවුලක් නැහ…
    මෙතන කතාවෙ අබව්‍ය ගතියක් තියෙනවා..මෙ ්කැද එක දිහා සිල්කාරයො බලං ඉන්නෙත් නැහැ…කැද නැති නිසා සිල් අයට වෙන ලොකු අවුලකුත් නැහැ..
    එකම අවුල එන්නෙ අිප පටන් ගත්ත වැඩේ බකල් වෙන එක…

    මම හිතන්නෙ නම් පූස් රස ලොකුවට දැනෙන්නෙ නැත්නම් අවුලක් වෙන්නෙ නැතුව ඇති..

  7. ජූනි 12, 2013 දින 4:37 ප.ව. ට

    ලංකාවේ නිසා ඔය ක්‍රමය එක තැනක තියෙනව විස්වාසය නොතිබිය හැකි.
    කැඳ බෙදන්නත් කලින් උපාසකම්මලාට පණිවිඩය යාවි (ඔය බෙදන්න හදන හට්ටිය තමා අර අලි කළු පූසා වැටුනේ කියලා) ගෙදරකදි උනත්.තනියම කෑමක් ගද්දි වුනත් වට පිට කට්ටිය නැති නම් ඔය ක්‍රමය අත්දුටුවයි සත්‍යයි.හැබැයි කට්ටිය ඉන්නව නම් .“අනේ චී….. මේක කන්න බෑ.ඊයා ජරාව.අප්පිරියයි.විසබීජ“ දාහක් දේ……………..
    අධ්‍යාපන ක්‍රමය ගැන නම් මක්කට කියනව ද. අධ්‍යාපන ක්ෂේත්‍රය ආශ්‍රිතව ජීවත් වන කෙනෙක් හැටියට ඒ ගැන ඇත්තේ දුකක් කළකිරීමක් පමණයි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: