Archive

Archive for සැප්තැම්බර්, 2013

කාලය යනු මිනිසා විසින් නිර්මිත සංකල්පයකි. | time is a concept that humans created.

සැප්තැම්බර් 25, 2013 ප්‍රතිචාර 9ක්

408056_491096174245735_1170287971_n

*

සමහර මිනිස්සු වයස අවුරුදු දහඅටේදී නාකියි.
සමහර මිනිස්සු වයස අවුරුදු අනූවෙදී තරුණයි.
කාලය යනු මිනිසා විසින් නිර්මිත සංකල්පයකි.

                                              – යෝකෝ ඔනෝ

*

“ යෝකෝ ඔනෝ ”ජපන් ජාතික කලාකාරියකි. ඇයගේ වදන් ගැන ලියන්නට හිතුනේ,

ඊයේ පෙරේදා අපේ ඔෆිස් එකේ වෙච්ච දේවල් මතක් වෙලා.

ඔෆිස් එකේ වාර්ෂික චාරිකාවට සහභාගිත්වය ගැන බලපුවාම තමයි,

“යෝකෝ ඔනෝ” ගේ වචන කොච්චර ඇත්තද කියල හිතුනේ.

*

බලාගෙන ගියාම වයස අවුරුදු විසිහතේ, විසිඅටේ එවුන් ටික,පට්ට නාකි ලෙඩ්ඩු ටිකක්.

මට හිතෙන්න ඔවුන් ශරීරයෙන් තරුණ උනාට,

“මදේ” මැරිලා කියල.

හෙට අනිද්දා පැන්ෂන් යන්න ඉන්න මනුස්සයෙක් එක්ක ඒ ගැන කතා කලාම,

ප්‍රායෝගිකව ඔහුගේ වයස ඇත්තටම පනස් නවයක්ද කියල හිතුනා.

*

වයස දහඅට ගැන කතා කරපු හින්ද,

මට වයස දහ අටේදී ඇතිවුන සිතිවිලි පිළිබද සටහන මෙතනින් කියවන්න.

*

හිතින් “නාකි” වයසින් තරුණ එවුන්ගේ වැරැද්ද කොහෙද කියල කල්පනා කරන්න

තරම් මහන්සි වෙන්න මට කම්මැලි හිතුනා.

මට හිතුනෙම එක අලුත් “Z” පරම්පරාවේ වැරැද්ද කියලයි.

ඒ කෙසේ වෙතත්,එහෙම “මදේ” මැරිච්ච මිනිස්සු ගැන,

දහහතරවන් දලයි ලාමා තුමා ලියපු සටහනකින් එකටත් උත්තරේ හම්බුනා.

*

ඒ වුනාට හිතින් තරුණ, වයසින් පමණක් “නාකි” විදියට ජීවත් වෙන්නේ කොහොමද කියල මම හොයල බැලුවා.

ඒ මනුස්සයා ගැන වෙන දවසක වෙනමම ලියන්නම්.

*

අද කාලයේ අපිට දකින්න ලැබෙන “පුදුම හිතෙන” නොගැලපෙන බව බව ගැන

දලයි ලාමා තුමා කියපු දේ සම්බන්ධ සටහනත් මේ එක්ක ලියන්නම්.*

*the_14th_dalai_lama_1

*
අද අපිට විශාල නිවාස තියෙන නමුත්,
අපේ පවුල් ඉතා ඉතා පුංචියි.
*
එදාට වඩා ජීවිතය පහසුයි,
ඒ වුනාට කාලය හරිම සීමිතයි.
*
එදාට වඩා වැඩි උපාධි ගණනක් තිබුනාට,
සාමාන්‍ය දැනීම හරිම අඩුයි.
*
දැනුම ගොඩාක් තිබුනාට,
ඉස්සරට වඩා  නිවැරදි තීරණ වලට එළඹීම හරිම අඩුයි.
*
විශේෂඥයන්,ප්‍රවීණයන් ගොඩාක් හිටියාට,
ඉස්සරට වඩා ප්‍රශ්න වැඩියි.
*
බෙහෙත් ගොඩක් තිබුනාට,
ලෙඩ ඉස්සරට වඩා වැඩියි,
*
අපි හඳ වෙත ගොස් නැවත පැමිණ තිබුනත්,
පාර පැනලා අහල පහල අලුත් ගෙදරට ආපු
අලුත් අසල්වසියාව මුණ ගැහිලා කතා බහ කරන්න හරිම අමාරුයි.
*
අප විසින් නිපදවන ලබන පරිගණක මගින් වෙන කවරදාකත් වඩා
තොරතුරු ගබඩා කොට, පිටපත් රැසක් නිපදවිය හැකියි.
නමුත් සන්නිවේදනය ඉස්සරට වඩා ඉතාම  අඩුයි.
*
අපගේ සංඛ්‍යාත්මක අගය වැඩි වුවද,
තත්වය ඉතා පහල අගයකට වැටී ඇත.
*
මේ ක්ෂණික කෑමම කන කාලය වුවද,
ආහාර දිරවීම ඉස්සරට වඩා සෙමෙන් සිදුවේ.
*
ඉස්සරට වඩා උස මිනිසුන් සිටියද,
චරිතය ඉතාම මිටිය.
*
ලාභය දිනෙන් දින ඉහල ගියද,
මනුෂ්‍ය සම්බන්ධතා එන්න එන්නම අඩුවේ.
*
මේ කාලයේ පිටට පෙනෙන්ට ජනේලයේ ගොඩක් දේවල් තිබුනත්,
කාමරයේ කිසිවක් නැත.

*

*

Advertisements

තුංග උතුවන්කන්ද පාමුල…

සැප්තැම්බර් 16, 2013 ප්‍රතිචාර 8ක්

*

උපුටා ගැනීමකි!

*

*

තුංග උතුවන්කන්ද පාමුල
කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බන්
ඉකිබිඳින හඬ මේනකා…

*

බංගලාවක් බින්ඳ දවසක
හංගගෙන ආ රිදී කූරක්
කෝපි මල් කළඹක් ම ගැවසූ
කෙස් රොදක් අතුරින් යව

හිඟුල ඔය ළඟ වාඩිකර උඹ
හැඩ බලන්නට ආයෙ දවසක්
එන්නෙ නෑ මට මේනකා…

*

තුංග උතුවන්කන්ද පාමුල
කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බන්
ඉකිබිඳින හඬ මේනකා…

*

(වර්ෂ 1864 ක් වූ මැයි මස සත් වැනිදා බෝගම්බරදීය)

*

|රුවන් බන්දුජීව |

*

*

ප.ලි.

*

මුද්‍රණ වියදම කෙසේ වුවද, රුපියල් දෙසීයක් නොවටින “GO” සඟරා වරකට දෙකකට වඩා මා මිලදීගෙන නැත.

ඊයේ පෙරේදා “සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය 2013 ” හිදී පරණ “GO” සඟරා නිකමට පෙරලා බලද්දී

“පැතුම් පුංචිහේවා” නම දැක සඟරා 3ක්

සහ ඉන්ද්‍රචාප ලියනගේ ගේ වචන දැක 1ක්, ලෙස 4ක් රුපියල් 50 බැගින් මිලදී ගතිමි.

මට හිතෙන විදියට,ඒවායේ වටිනාකම රුපියල් පනහෙන් එහාට නැත.

“රුවන් බන්දුජීව” රූපය දැක නොතිබුනද,

හොඳින් අසා පුරුදු නමකි.

ඒ ඔහුගේ කවි පද හරහාය.

*

ඉහත කවියේ පද කිහිපයක් ගැන පැතුම් ලියා තිබු සටහන,

මේ කවියේ ඉතිරි පද සෙවීමට මා උනන්දු කරවීය.

තුංග උතුවන් කන්ද දැක,

හිගුලෙන් නා ඇති මට,

අනවසරයෙන් උපුටා පල නොකර සිටීමට නොහැකි විය.

කවියේ නිධාන කතාව පැතුම් ලියා  ඇති හෙයින්,

මම නොලීමි.

*

 

ප.ලි. 2

*

පැතුම්ගේ ඉහත ලිපිය මෙහි ඇතුලත් නොකිරීම කෙතරම් අඩුවක්ද යන්න, කිහිප දෙනෙක් පෙන්වා දීම සහ ඒ සදහා ඇති අධික ඉල්ලුම මත එය කෙසේ හෝ ඇතුලත් කිරීමට අදහස් කලෙමි.සඟරාවේ මුද්‍රිත ලිපිය මෙහිලා ඇතුලත් කිරීමේ දුෂ්කරතාවය මා ඒ සඳහා පරක්කු කල නමුදු, අවසානයේදී ඔහු විසින්ම සගරාවට ලියන ලද ” මුල් ලියමන ” මා වෙත එවන ලද හෙයින් මෙහි ලා පල කරමි.

*

 

Go Political

තුංග උතුවන්කන්ද පාමුලකෝපි මල් අහුරක් තියා

මම්මලේ මට ඇහෙනවා බන්ඉකි බිඳින හඬ මේනකා

පැතුම් පුංචිහේවා

‍ත‍රුණ කවියෙක්, මගේ හිත මිත්‍රයෙක් වෙන රුවන් බන්දුජීව ගේ කවියක් සතියක වෙලේ තිස්සේ හිත ඇතුළේ එහේ මෙහේ අහුමුළු වල වැදි වැදී දෝංකාර දෙනවා. උදේට නැඟිටිනකොටත් මේ කවි පද දෙක තුන නිදි නැතිව මම නැඟිටිනකල් බලාගෙන ඉන්නවා.

තුංග උතුවන්කන්ද පාමුල – කෝපි මල් අහුරක් තියා

මම්මලේ මට ඇහෙනවා බන් – ඉකි බිඳින හඬ මේනකා

මම හෙමිහිට ඈට මිමිණුවා. ඈ කිසිම දෙයක් නොකියා මගේ දිහා බැලුවා කියලා මට දැනුනා, මම ඈත බලාගෙන හිටියත්.

“මම්මලේ මරික්කාර් තමයි සරදියෙල් ගේ දකුණු අත, පොඩි කාලේ ඉඳන් සරදියෙල්ගේ හොඳම යාළුවා. මම්මලේ සහ සරදියෙල් විතරයි අවසාන සටනෙදී ඉතු‍රු වෙන්නේ. ඒ දෙන්නව අල්ලගෙන අන්තිමට එල්ලලා මරනවා. මේනකා කියන්නේ මම්මලේ ගේ නංගි. මුස්ලිම් කෙල්ලක්. පුංචි කාලේ ඉඳන් සරදියෙල්ට ආදරය කරන්නේ. ඒත් සරදියෙල් ආරච්චිලගේ පුතාට ගහලා බයේ ගමෙන් පැනලා යනවා කොළඹට. ඊට පස්සේ හුඟ කාලෙකින් ආයෙමත් ගමට එන්නේ. එතකොට මේනකා කාදර්ව බැඳලා. ඒත් සරදියෙල් මේනකා ආදරේ නැතිවෙන්නේ නැහැ. සරදියෙල් මේනකාගේ පවුල් ජීවිතයට බලපෑම් කරන්නෙත් නැහැ. මට මේ කවිය එක්ක දැනෙන්නේ සරදියෙල් බෝගම්බර හිරගෙදර ඉඳන්, තමන්ගේ අවසානය එනකල් බලාගෙන ඉන්න අතරේ හිතන විදියට.”

මම විස්තර කළා. සරදියෙල් කියන්නේ උතුවන්කන්ද ගමේ සාමාන්‍ය මිනිහෙක් වෙලා, සරදියෙලුත් තමන්ගේ තාත්තා අදාසි අප්පු වගේම එදිනෙදා කුලියක් මලියක් හොයාගෙන මේනකා එක්ක එක පැලක ජීවත් වුනු මිනිහෙක් වුනා නම්, කවදාවත් මේ මොහොත උදාවෙන එකක් නැහැ කියලා ඒ වෙලාවේ මට හිතුනා.

“මේ කවි පංතිය තව දිගට තිබුනත් මට හිතෙන්නේ මේ පද හතරේ කියන්න ඕන හැමදේම එකතුවෙලා තියෙනවා කියලා. මට මේ පද හතර එක්කම හැමවෙලාවකම ඔළුවට එන තවත් කවියක් තියෙනවා. උර්දු පැදි පෙළක්. ඒක දේශානුරාගී පැදි පෙළක්, ලියන්නේ භගත් සිං එක්ක ඉන්දියානු නිදහස් සටනට පෙරමුණ ගත්තු  නායකයෙක්, ‍රැඩිකල් කවියෙක් වගේම නිර්භීත සටන්කාමියෙක්, පණ්ඩිත් රාම්ප්‍රසාද්, එහෙමත් නැතිනම් හැමදෙනාම දැනගෙන හිටි විදියට ‘බිස්මිල්’. ‘රන්ග්දේ බසන්ති’ චිත්‍රපටියේ එක ජවනිකාවක් තියෙනවා, ඉන්දියානු නිදහස් සටනේ වීරයින් ගැන සුදු ජාතික ත‍රුණියක් හදන වාර්තා චිත්‍රපටියේ බිස්මිල්ගේ චරිතය කරන්නට ‍‍තෝරගන්න ලක්ෂ්මන් පාන්ඩේ පුදුමාකාර හැඟීමකින් මේ පැදි පෙල කියවනවා.

“සර්ෆරෝෂී කී තමන්නා, අබ් හමාරේ දිල්මේ හේ

දේක්නා හේ සෝර් කිත්නා, බාසු ඒ කා තිල් මෙ හේන්”

භාෂාව ආගන්තුක වුනත්, සංස්කෘතිය ආගන්තුක වුනත් සංගීතයට, කාව්‍යයට මුළු ලෝකයක් අමතන්න පුළුවන්. මේ උර්දු කවි පෙළ එක්ක, මම මොහොතකට ඉන්දියානු නිදහස් සටනේ ජීවිතය ගැන නොතකා සටන් කළ බිස්මිල්, භගත් සිං, චන්ද්‍රසේකර් අසාද්, අශ්ෆකුල්ලාහ් ඛාන් සිටි හිරකුටියක අතරමං වුනා. බන්දුජීවගේ කවියත් එක්ක මම සරදියෙල් සහ මම්මලේ මරික්කාර් හිටි බෝගම්බර හිරගෙදර හුදෙකලා හිරකුටියේ මොහොතකට අතරමං වුනා. මටත් නිදහස් සටනේ ඉන්න තිබුනනම්, ජීවිතය ගැන නොතකා සටන් කරන්න තිබුනනම් කියලා මට හිතුනා”

උත්සන්න වුණු හැඟීම් එක්ක මම ඇය ඉදිරිපිට පාපොච්ඡාරණය කළා.

“දන්නවද, එහෙම හිතෙන එකමකෙනා ඔයා විතරක් නෙවෙයි කියලා. ඇත්තටම විප්ලවයකට ඕන කරන්නේ වෙඩි උණ්ඩ නෙවෙයි, හදවත්. වෙඩි උණ්ඩ ඉදිරියේදී නොසැළෙන, පරාජයේදී දුබල නොවෙන, ඕනෑම වධ වේදනාවකදී බිඳ නොවැටෙන හදවත්, මතවාදයන්. ඔයා එක අතකින් වාසනාවන්තයි. විප්ලවයකට ඕන කරන අමුද්‍රව්‍ය ඔයා ලඟ තියෙනවා. දැන් ඔයා හොයාගන්න ඕන, ඔයා සටන් වදින්න ඕන මොකක් වෙනුවෙන්ද කියන එකයි.” ඈ කිවුවා.

“ඔව් ඈ හරි, තවමත් ලෝකයට විප්ලවවාදියෝ අවශ්‍යයි. ලේ හලන විප්ලව අද ලෝකයේ නොවෙන තරම් වුනත්, වෙනස් විය යුතු දේවල් තවමත් තියෙනවා. ” මම හිතුවා. සරදියෙල් සහ මම්මලේ බෝගම්බරදී එල්ලලා මරා දානවා, ගෝරක්පූර් හිරගෙදරදී බිස්මිල්ව එල්ලලා මරා දානවා මම මොහොතකට දු‍ටුවා. මිනිහෙක් තමන් විශ්වාස කරනා හේතුවක් වෙනුවෙන්, ශ්‍රේෂ්ටත්වයක් වෙනුවෙන් මරණයට මුහුණදීම කොයිතරම් ගම්භීරද කියලා මට මොහොතකට දැනුනා.

 

*

Happy Valentine’s Day! | 2010/02/14

123

*

ආදරණීය උත්පලා,*

*

සඳඑලිය නැතිවුවද,
මද අඳුර අද්දරින්,
කුමුදුවී සුපිපෙන්න.

*

*

Happy Valentine’s Day!

වරුණ

*

2010/02/14

*

 

” දැන් මචං එහෙම බෑනේ, පවුල් වෙලා මං !”

සැප්තැම්බර් 1, 2013 ප්‍රතිචාර 6ක්

b111

කොවුලා වගේ  “ලව් “ සින්දුම කියපු එකා මං

වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං

හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං

පවුල බනී ලේට් උනොත් ගිහින් එන්නද මං

b

මුට්ටිය ඉවර කෙරුවේ ගහ මුලදීම මං

බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං

රෑ-දවල් ගතවුනාම සැලකුවේ නෑ මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං

නිවාඩු නැත්තංමෙඩිකල් දාපු එකා මං

ඕවර්ටයිම් කිසි දවසක කරලම නෑ මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං

ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං

සීන් එකේ කොහේ බැලුවත් පෙනුන එකා මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

එම්.එස්.ප්‍රනාන්දු ලාංකික සිංහල ගීතය පෝෂණය කල දැවැන්ත ප්‍රබුද්ධ ගායකයෙක්. (වැරදිලා නෙමයි ලිව්වේ, “ප්‍රබුද්ධ” තමයි වචනෙ) සමහරවිට ඔහුවත් ඔහුගේ වටිනාකම දැනගෙන හිටියද දන්නේ නැහැ.ඒ වුනාට ජෝතිපාල කොහෙද ඉන්නෙ,පේනතෙක් මානෙක ඔහු ඉන්නවා.එම්.එස්.ප්‍රනාන්දුගේ දේශපාලනික සම්බන්ධතා ගැන මම කියන්න වැඩියමක් දන්නේ නැහැ.ඒවා ඔහු ජීවත් වෙච්ච කාලේ හැටියට (ජීවිතේ හොඳම කාලේ 70-90 දශක) බොහොම සාමාන්‍ය දේවල්.නමුත් ඔහු මිනිසුන්ගේ සිතුම් පැතුම් ටක්කෙටම හදුනාගත්ත ගායකයෙක්.අනිත් එක එක ප්‍රේමය,ආදරය වගේ ජනප්‍රිය මාතෘකා හැර ඉතාම සංකීර්ණ මානුෂික සිතුම් පැතුම් ඉතාම සරල සමහර විට රළු වචන සහ සංකීර්ණ නොවන “බයිලා ” සංගීතය සමග මිනිස්සුන්ට දීම ලේසි පාසු වැඩක් නෙමෙයි.

මීට කලින් ලාංකික සංගීතය ගැන ලියපු  ලිපිය මෙතනින් කියවන්න.

පහුගිය දවස් වල දවසක් හැර දවසක් එක්කෝ වේඩින් එකක් නැත්තං හෝම් කමින්ග් එකක්.වෙලාවකට මගුල් සක්වලක් වගේ. ඊයේ පෙරේදා මගේ හොඳම යාලුවත් ඔන්න බැන්දා.පොරගේ වෙඩින් එකේ පොරගේ සහෝදර සහෝදරී පරම්පරාව  තියෙන සින්දුවට “දොඹ හැලෙන්න” ඩාන්ස් එකක් දුන්න.

B

MS+Fernando+0

B

***  “දොඹ හැලෙන්න” යනු මගේ පාරිභාෂික ශබ්දකෝෂයේ පමණක් හමුවන වචනයක් විය හැකියි. අපේ නිට්ටඹුවේ ගමේ ගෙ ඉස්සරහ දොඹ ගහක් තියෙනවා. කොචචර වැස්සත් ඒකේ දොඹ ගෙඩි හැලෙන තරමට වහල තියෙන්නේ පහුගිය  අවුරුදු විසිපහටම දෙතුන් වතාවක් විතරයි.දොඹ හැලෙනවා කියන්න “පිස්සු හැදෙන / කොරවෙන / පට්ට ” සීන් එකකි.

අපේ සමාජයේ පිරිමියෙක්/කොල්ලෙක් විවාහ ජීවිතයට ඇතුළුවීම සම්බන්ධයෙන් ඔහුගේ  “ රස්සාව/ගෙයක් දොරක් තියෙනවද/ඉගෙනීම/කාර් එකක් තියෙනවද ? ” ආදිය හැර, කිසිම ලෙසකින් ඔහුගේ මානසික මට්ටම සහ ඔහුට ඉදිරියට මුහුණ පාන්න වෙන පරිවර්තනය ගැන විහිළුවටවත් කතා වෙලා නැහැ.

මේක බහුතරයක් කොල්ලෝ සෙට් එකට, බොහොම සාමාන්‍ය දෙයක් උනාට “සීන් එකේ කොහේ බැලුවත් හිටපු” කට්ටියට අවුල් වැඩක්.මොකද බදින්න කලින් මොන සිංහනාද කලත් බැන්දට පස්සේ සිංහ නාද, බලු කෙදිරිලි වෙන හින්දා.( අපි එහෙම වෙන්නේ නැහැ කියල කිව්වට මල්ලි,ඔයාට වඩා ලොකු සිංහයෝ දන ගහල තණකොළ කනවා අපි දැකල තියෙනවා. )

ගීතයේ ගොඩක් දේවල් පැහැදිලියි.අමුතුවෙන් කියන්න දෙයක් නැති තරං.රජයේ සංස්ථාවක ජොබ් එකක් කියන්නේ එම්.එස්.ප්‍රනන්දුලගේ කාලේ නං ඉතින් ලංකාවේ සුපිරිම රස්සාවක්.දැන් එහෙම නැහැ.ඒක හින්ද තමයි “ඩෝන්ට් කෙයාර්” පිට සුද්ද වගේ ඉන්න පුළුවන්වෙලා තියෙන්නේ.සංස්ථා වල ඕනේ කොච්චර නිවාඩු දැම්මත් කවුරුවත් “ලෙඩ නිවාඩු ” ලේසියෙන් දානේ නැහැ.ඒ මොකද මෙඩිකල් ලීව් ගත්තේ නැති උනාම එකට මෙඩිකල් බෝනස් එකක් ගෙවනවා.

බදින්න කලින් මේ තරුණයා ඒකටත් පයින් ගහල් සෙට්වෙන්න ඕනේ උනාම නිවාඩු ඉවර නං,බෝනස් එපා කියල ලීව් දාල, යාළුවො එක්ක සෙට්වෙච්ච පොරක්. ඒ තරමට අතේ සල්ලි ඉතුරුවෙච්ච ගවසිච්ච පොරක්.අනේ බැන්දට පස්සේ ඕවර් ටයිම් කරලා තව කීයක් හරි හොයාගන්න ලෙවල් එකට මේ තරුණයාව වැටෙනවා.

ඉස්සරහට අනාගතේ පෙනෙන / නැත්තං දැනටම වර්තමානේ අත්දකින , ඉස්සර  “සීන් එකේ කොහේ බැලුවත් පෙනුන” හැම එකාටම හරියන පට්ටම සින්දුවක්.අවාසනාවකට එම්.එස්.මේක ගයන වීඩියෝ එකක් හොයාගන්න නැහැ.

B

B