නිවස > අත්දැකීම් | Experience, මේ දවස් වල අහන සින්දු > ” දැන් මචං එහෙම බෑනේ, පවුල් වෙලා මං !”

” දැන් මචං එහෙම බෑනේ, පවුල් වෙලා මං !”

b111

කොවුලා වගේ  “ලව් “ සින්දුම කියපු එකා මං

වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං

හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං

පවුල බනී ලේට් උනොත් ගිහින් එන්නද මං

b

මුට්ටිය ඉවර කෙරුවේ ගහ මුලදීම මං

බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං

රෑ-දවල් ගතවුනාම සැලකුවේ නෑ මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං

නිවාඩු නැත්තංමෙඩිකල් දාපු එකා මං

ඕවර්ටයිම් කිසි දවසක කරලම නෑ මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං

ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං

සීන් එකේ කොහේ බැලුවත් පෙනුන එකා මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

එම්.එස්.ප්‍රනාන්දු ලාංකික සිංහල ගීතය පෝෂණය කල දැවැන්ත ප්‍රබුද්ධ ගායකයෙක්. (වැරදිලා නෙමයි ලිව්වේ, “ප්‍රබුද්ධ” තමයි වචනෙ) සමහරවිට ඔහුවත් ඔහුගේ වටිනාකම දැනගෙන හිටියද දන්නේ නැහැ.ඒ වුනාට ජෝතිපාල කොහෙද ඉන්නෙ,පේනතෙක් මානෙක ඔහු ඉන්නවා.එම්.එස්.ප්‍රනාන්දුගේ දේශපාලනික සම්බන්ධතා ගැන මම කියන්න වැඩියමක් දන්නේ නැහැ.ඒවා ඔහු ජීවත් වෙච්ච කාලේ හැටියට (ජීවිතේ හොඳම කාලේ 70-90 දශක) බොහොම සාමාන්‍ය දේවල්.නමුත් ඔහු මිනිසුන්ගේ සිතුම් පැතුම් ටක්කෙටම හදුනාගත්ත ගායකයෙක්.අනිත් එක එක ප්‍රේමය,ආදරය වගේ ජනප්‍රිය මාතෘකා හැර ඉතාම සංකීර්ණ මානුෂික සිතුම් පැතුම් ඉතාම සරල සමහර විට රළු වචන සහ සංකීර්ණ නොවන “බයිලා ” සංගීතය සමග මිනිස්සුන්ට දීම ලේසි පාසු වැඩක් නෙමෙයි.

මීට කලින් ලාංකික සංගීතය ගැන ලියපු  ලිපිය මෙතනින් කියවන්න.

පහුගිය දවස් වල දවසක් හැර දවසක් එක්කෝ වේඩින් එකක් නැත්තං හෝම් කමින්ග් එකක්.වෙලාවකට මගුල් සක්වලක් වගේ. ඊයේ පෙරේදා මගේ හොඳම යාලුවත් ඔන්න බැන්දා.පොරගේ වෙඩින් එකේ පොරගේ සහෝදර සහෝදරී පරම්පරාව  තියෙන සින්දුවට “දොඹ හැලෙන්න” ඩාන්ස් එකක් දුන්න.

B

MS+Fernando+0

B

***  “දොඹ හැලෙන්න” යනු මගේ පාරිභාෂික ශබ්දකෝෂයේ පමණක් හමුවන වචනයක් විය හැකියි. අපේ නිට්ටඹුවේ ගමේ ගෙ ඉස්සරහ දොඹ ගහක් තියෙනවා. කොචචර වැස්සත් ඒකේ දොඹ ගෙඩි හැලෙන තරමට වහල තියෙන්නේ පහුගිය  අවුරුදු විසිපහටම දෙතුන් වතාවක් විතරයි.දොඹ හැලෙනවා කියන්න “පිස්සු හැදෙන / කොරවෙන / පට්ට ” සීන් එකකි.

අපේ සමාජයේ පිරිමියෙක්/කොල්ලෙක් විවාහ ජීවිතයට ඇතුළුවීම සම්බන්ධයෙන් ඔහුගේ  “ රස්සාව/ගෙයක් දොරක් තියෙනවද/ඉගෙනීම/කාර් එකක් තියෙනවද ? ” ආදිය හැර, කිසිම ලෙසකින් ඔහුගේ මානසික මට්ටම සහ ඔහුට ඉදිරියට මුහුණ පාන්න වෙන පරිවර්තනය ගැන විහිළුවටවත් කතා වෙලා නැහැ.

මේක බහුතරයක් කොල්ලෝ සෙට් එකට, බොහොම සාමාන්‍ය දෙයක් උනාට “සීන් එකේ කොහේ බැලුවත් හිටපු” කට්ටියට අවුල් වැඩක්.මොකද බදින්න කලින් මොන සිංහනාද කලත් බැන්දට පස්සේ සිංහ නාද, බලු කෙදිරිලි වෙන හින්දා.( අපි එහෙම වෙන්නේ නැහැ කියල කිව්වට මල්ලි,ඔයාට වඩා ලොකු සිංහයෝ දන ගහල තණකොළ කනවා අපි දැකල තියෙනවා. )

ගීතයේ ගොඩක් දේවල් පැහැදිලියි.අමුතුවෙන් කියන්න දෙයක් නැති තරං.රජයේ සංස්ථාවක ජොබ් එකක් කියන්නේ එම්.එස්.ප්‍රනන්දුලගේ කාලේ නං ඉතින් ලංකාවේ සුපිරිම රස්සාවක්.දැන් එහෙම නැහැ.ඒක හින්ද තමයි “ඩෝන්ට් කෙයාර්” පිට සුද්ද වගේ ඉන්න පුළුවන්වෙලා තියෙන්නේ.සංස්ථා වල ඕනේ කොච්චර නිවාඩු දැම්මත් කවුරුවත් “ලෙඩ නිවාඩු ” ලේසියෙන් දානේ නැහැ.ඒ මොකද මෙඩිකල් ලීව් ගත්තේ නැති උනාම එකට මෙඩිකල් බෝනස් එකක් ගෙවනවා.

බදින්න කලින් මේ තරුණයා ඒකටත් පයින් ගහල් සෙට්වෙන්න ඕනේ උනාම නිවාඩු ඉවර නං,බෝනස් එපා කියල ලීව් දාල, යාළුවො එක්ක සෙට්වෙච්ච පොරක්. ඒ තරමට අතේ සල්ලි ඉතුරුවෙච්ච ගවසිච්ච පොරක්.අනේ බැන්දට පස්සේ ඕවර් ටයිම් කරලා තව කීයක් හරි හොයාගන්න ලෙවල් එකට මේ තරුණයාව වැටෙනවා.

ඉස්සරහට අනාගතේ පෙනෙන / නැත්තං දැනටම වර්තමානේ අත්දකින , ඉස්සර  “සීන් එකේ කොහේ බැලුවත් පෙනුන” හැම එකාටම හරියන පට්ටම සින්දුවක්.අවාසනාවකට එම්.එස්.මේක ගයන වීඩියෝ එකක් හොයාගන්න නැහැ.

B

B

Advertisements
  1. සැප්තැම්බර් 1, 2013 දින 4:52 පෙ.ව. ට

    මේක එම් එස් කියපු නිසා තමා මේ සින්දුව මේ තත්ත්වෙන් තියෙන්නේ.., නැතිනම් මේක සේකර හරි ප්‍රේම කීරිති හරි ලියලා, අමරදේව හරි අමරසිරි පීරිස් හරි කිව්වානම් එහෙම මේක විදග්ධ අදහස් සහ පරිකල්පන වලින් වෙළලා ඔතලා ගීත සාහිත්‍යයේ මුදුන්මල්කඩ කරලා ඉවරයි..
    මේ සින්දුව වගේ ම තව සින්දුවක් මංගල තෑග්ග ෆිල්ම් එකේ “තමා එක යායේ කකා වැටී” ඒක කියන්නේ එඩ්වඩ් ජයකොඩි ගීතවත් කලේ එච් එම් ජයවර්ධන, කසුන්ගේ තාත්තා.

  2. සැප්තැම්බර් 2, 2013 දින 9:25 පෙ.ව. ට

    “අපි එහෙම වෙන්නේ නැහැ කියල කිව්වට මල්ලි,ඔයාට වඩා ලොකු සිංහයෝ දන ගහල තණකොළ කනවා අපි දැකල තියෙනවා”

    සහතික ඇත්ත

  3. amila
    සැප්තැම්බර් 2, 2013 දින 2:12 ප.ව. ට

    hammmm elaaa

  1. ඔක්තෝබර් 8, 2014 දින 4:21 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: