නිවස > අත්දැකීම් | Experience, අහුලා ගත්තු දේවල් > තුංග උතුවන්කන්ද පාමුල…

තුංග උතුවන්කන්ද පාමුල…

*

උපුටා ගැනීමකි!

*

*

තුංග උතුවන්කන්ද පාමුල
කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බන්
ඉකිබිඳින හඬ මේනකා…

*

බංගලාවක් බින්ඳ දවසක
හංගගෙන ආ රිදී කූරක්
කෝපි මල් කළඹක් ම ගැවසූ
කෙස් රොදක් අතුරින් යව

හිඟුල ඔය ළඟ වාඩිකර උඹ
හැඩ බලන්නට ආයෙ දවසක්
එන්නෙ නෑ මට මේනකා…

*

තුංග උතුවන්කන්ද පාමුල
කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බන්
ඉකිබිඳින හඬ මේනකා…

*

(වර්ෂ 1864 ක් වූ මැයි මස සත් වැනිදා බෝගම්බරදීය)

*

|රුවන් බන්දුජීව |

*

*

ප.ලි.

*

මුද්‍රණ වියදම කෙසේ වුවද, රුපියල් දෙසීයක් නොවටින “GO” සඟරා වරකට දෙකකට වඩා මා මිලදීගෙන නැත.

ඊයේ පෙරේදා “සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය 2013 ” හිදී පරණ “GO” සඟරා නිකමට පෙරලා බලද්දී

“පැතුම් පුංචිහේවා” නම දැක සඟරා 3ක්

සහ ඉන්ද්‍රචාප ලියනගේ ගේ වචන දැක 1ක්, ලෙස 4ක් රුපියල් 50 බැගින් මිලදී ගතිමි.

මට හිතෙන විදියට,ඒවායේ වටිනාකම රුපියල් පනහෙන් එහාට නැත.

“රුවන් බන්දුජීව” රූපය දැක නොතිබුනද,

හොඳින් අසා පුරුදු නමකි.

ඒ ඔහුගේ කවි පද හරහාය.

*

ඉහත කවියේ පද කිහිපයක් ගැන පැතුම් ලියා තිබු සටහන,

මේ කවියේ ඉතිරි පද සෙවීමට මා උනන්දු කරවීය.

තුංග උතුවන් කන්ද දැක,

හිගුලෙන් නා ඇති මට,

අනවසරයෙන් උපුටා පල නොකර සිටීමට නොහැකි විය.

කවියේ නිධාන කතාව පැතුම් ලියා  ඇති හෙයින්,

මම නොලීමි.

*

 

ප.ලි. 2

*

පැතුම්ගේ ඉහත ලිපිය මෙහි ඇතුලත් නොකිරීම කෙතරම් අඩුවක්ද යන්න, කිහිප දෙනෙක් පෙන්වා දීම සහ ඒ සදහා ඇති අධික ඉල්ලුම මත එය කෙසේ හෝ ඇතුලත් කිරීමට අදහස් කලෙමි.සඟරාවේ මුද්‍රිත ලිපිය මෙහිලා ඇතුලත් කිරීමේ දුෂ්කරතාවය මා ඒ සඳහා පරක්කු කල නමුදු, අවසානයේදී ඔහු විසින්ම සගරාවට ලියන ලද ” මුල් ලියමන ” මා වෙත එවන ලද හෙයින් මෙහි ලා පල කරමි.

*

 

Go Political

තුංග උතුවන්කන්ද පාමුලකෝපි මල් අහුරක් තියා

මම්මලේ මට ඇහෙනවා බන්ඉකි බිඳින හඬ මේනකා

පැතුම් පුංචිහේවා

‍ත‍රුණ කවියෙක්, මගේ හිත මිත්‍රයෙක් වෙන රුවන් බන්දුජීව ගේ කවියක් සතියක වෙලේ තිස්සේ හිත ඇතුළේ එහේ මෙහේ අහුමුළු වල වැදි වැදී දෝංකාර දෙනවා. උදේට නැඟිටිනකොටත් මේ කවි පද දෙක තුන නිදි නැතිව මම නැඟිටිනකල් බලාගෙන ඉන්නවා.

තුංග උතුවන්කන්ද පාමුල – කෝපි මල් අහුරක් තියා

මම්මලේ මට ඇහෙනවා බන් – ඉකි බිඳින හඬ මේනකා

මම හෙමිහිට ඈට මිමිණුවා. ඈ කිසිම දෙයක් නොකියා මගේ දිහා බැලුවා කියලා මට දැනුනා, මම ඈත බලාගෙන හිටියත්.

“මම්මලේ මරික්කාර් තමයි සරදියෙල් ගේ දකුණු අත, පොඩි කාලේ ඉඳන් සරදියෙල්ගේ හොඳම යාළුවා. මම්මලේ සහ සරදියෙල් විතරයි අවසාන සටනෙදී ඉතු‍රු වෙන්නේ. ඒ දෙන්නව අල්ලගෙන අන්තිමට එල්ලලා මරනවා. මේනකා කියන්නේ මම්මලේ ගේ නංගි. මුස්ලිම් කෙල්ලක්. පුංචි කාලේ ඉඳන් සරදියෙල්ට ආදරය කරන්නේ. ඒත් සරදියෙල් ආරච්චිලගේ පුතාට ගහලා බයේ ගමෙන් පැනලා යනවා කොළඹට. ඊට පස්සේ හුඟ කාලෙකින් ආයෙමත් ගමට එන්නේ. එතකොට මේනකා කාදර්ව බැඳලා. ඒත් සරදියෙල් මේනකා ආදරේ නැතිවෙන්නේ නැහැ. සරදියෙල් මේනකාගේ පවුල් ජීවිතයට බලපෑම් කරන්නෙත් නැහැ. මට මේ කවිය එක්ක දැනෙන්නේ සරදියෙල් බෝගම්බර හිරගෙදර ඉඳන්, තමන්ගේ අවසානය එනකල් බලාගෙන ඉන්න අතරේ හිතන විදියට.”

මම විස්තර කළා. සරදියෙල් කියන්නේ උතුවන්කන්ද ගමේ සාමාන්‍ය මිනිහෙක් වෙලා, සරදියෙලුත් තමන්ගේ තාත්තා අදාසි අප්පු වගේම එදිනෙදා කුලියක් මලියක් හොයාගෙන මේනකා එක්ක එක පැලක ජීවත් වුනු මිනිහෙක් වුනා නම්, කවදාවත් මේ මොහොත උදාවෙන එකක් නැහැ කියලා ඒ වෙලාවේ මට හිතුනා.

“මේ කවි පංතිය තව දිගට තිබුනත් මට හිතෙන්නේ මේ පද හතරේ කියන්න ඕන හැමදේම එකතුවෙලා තියෙනවා කියලා. මට මේ පද හතර එක්කම හැමවෙලාවකම ඔළුවට එන තවත් කවියක් තියෙනවා. උර්දු පැදි පෙළක්. ඒක දේශානුරාගී පැදි පෙළක්, ලියන්නේ භගත් සිං එක්ක ඉන්දියානු නිදහස් සටනට පෙරමුණ ගත්තු  නායකයෙක්, ‍රැඩිකල් කවියෙක් වගේම නිර්භීත සටන්කාමියෙක්, පණ්ඩිත් රාම්ප්‍රසාද්, එහෙමත් නැතිනම් හැමදෙනාම දැනගෙන හිටි විදියට ‘බිස්මිල්’. ‘රන්ග්දේ බසන්ති’ චිත්‍රපටියේ එක ජවනිකාවක් තියෙනවා, ඉන්දියානු නිදහස් සටනේ වීරයින් ගැන සුදු ජාතික ත‍රුණියක් හදන වාර්තා චිත්‍රපටියේ බිස්මිල්ගේ චරිතය කරන්නට ‍‍තෝරගන්න ලක්ෂ්මන් පාන්ඩේ පුදුමාකාර හැඟීමකින් මේ පැදි පෙල කියවනවා.

“සර්ෆරෝෂී කී තමන්නා, අබ් හමාරේ දිල්මේ හේ

දේක්නා හේ සෝර් කිත්නා, බාසු ඒ කා තිල් මෙ හේන්”

භාෂාව ආගන්තුක වුනත්, සංස්කෘතිය ආගන්තුක වුනත් සංගීතයට, කාව්‍යයට මුළු ලෝකයක් අමතන්න පුළුවන්. මේ උර්දු කවි පෙළ එක්ක, මම මොහොතකට ඉන්දියානු නිදහස් සටනේ ජීවිතය ගැන නොතකා සටන් කළ බිස්මිල්, භගත් සිං, චන්ද්‍රසේකර් අසාද්, අශ්ෆකුල්ලාහ් ඛාන් සිටි හිරකුටියක අතරමං වුනා. බන්දුජීවගේ කවියත් එක්ක මම සරදියෙල් සහ මම්මලේ මරික්කාර් හිටි බෝගම්බර හිරගෙදර හුදෙකලා හිරකුටියේ මොහොතකට අතරමං වුනා. මටත් නිදහස් සටනේ ඉන්න තිබුනනම්, ජීවිතය ගැන නොතකා සටන් කරන්න තිබුනනම් කියලා මට හිතුනා”

උත්සන්න වුණු හැඟීම් එක්ක මම ඇය ඉදිරිපිට පාපොච්ඡාරණය කළා.

“දන්නවද, එහෙම හිතෙන එකමකෙනා ඔයා විතරක් නෙවෙයි කියලා. ඇත්තටම විප්ලවයකට ඕන කරන්නේ වෙඩි උණ්ඩ නෙවෙයි, හදවත්. වෙඩි උණ්ඩ ඉදිරියේදී නොසැළෙන, පරාජයේදී දුබල නොවෙන, ඕනෑම වධ වේදනාවකදී බිඳ නොවැටෙන හදවත්, මතවාදයන්. ඔයා එක අතකින් වාසනාවන්තයි. විප්ලවයකට ඕන කරන අමුද්‍රව්‍ය ඔයා ලඟ තියෙනවා. දැන් ඔයා හොයාගන්න ඕන, ඔයා සටන් වදින්න ඕන මොකක් වෙනුවෙන්ද කියන එකයි.” ඈ කිවුවා.

“ඔව් ඈ හරි, තවමත් ලෝකයට විප්ලවවාදියෝ අවශ්‍යයි. ලේ හලන විප්ලව අද ලෝකයේ නොවෙන තරම් වුනත්, වෙනස් විය යුතු දේවල් තවමත් තියෙනවා. ” මම හිතුවා. සරදියෙල් සහ මම්මලේ බෝගම්බරදී එල්ලලා මරා දානවා, ගෝරක්පූර් හිරගෙදරදී බිස්මිල්ව එල්ලලා මරා දානවා මම මොහොතකට දු‍ටුවා. මිනිහෙක් තමන් විශ්වාස කරනා හේතුවක් වෙනුවෙන්, ශ්‍රේෂ්ටත්වයක් වෙනුවෙන් මරණයට මුහුණදීම කොයිතරම් ගම්භීරද කියලා මට මොහොතකට දැනුනා.

 

*

Advertisements
  1. amila chathuranga
    සැප්තැම්බර් 16, 2013 දින 11:25 ප.ව. ට

    මං ආසම කෑල් ල තමයි මම්මලේ මට ඇහෙනවා බං කියන කෑල්ල…
    මේක කලිං බූන්දියෙ ගිය එකක්..

  2. chandika
    සැප්තැම්බර් 23, 2013 දින 2:25 ප.ව. ට

    kaviyanam pahadili, eth kaviyata yatin thiyena satahanamam theruneee neee…pahadili kiriimak karanna puluwanda?

    • සැප්තැම්බර් 23, 2013 දින 2:39 ප.ව. ට

      කොයි කෑල්ලද? GO මැගසින් ගැනද? කවිය ගැනද?

      • chandika
        සැප්තැම්බර් 29, 2013 දින 12:49 ප.ව. ට

        hmmm kaviya gena…meka Go magazin ekeda thibune? liyala thiyenne ruwan bandujiwa mahathmayada? kaviye ithiri pada hoyanna una kiyanne ai ? pathum punchihewa mahathmaya liyapu nidana kathawa koheda thiyenne ?

  3. සැප්තැම්බර් 29, 2013 දින 6:43 ප.ව. ට

    GO මැගසින් එකේ තිබුනේ පද දෙකයි.
    කවිය හොයාගත්තේ බුන්දියෙන්!
    පැතුම් මත්තයාගේ නිධන කතාව,
    වහාම උපුටාගෙන දාන්නනම්!

    • chandika
      ඔක්තෝබර් 1, 2013 දින 2:20 ප.ව. ට

      hari…bohoma sthuthi…kalayak thisse hoya hoya hitapu jathiye blog ekak…danatanam hamadema kiyawala iwarai… aluthen post danakam thama balan inne.. suba pathum ! 🙂

      • ඔක්තෝබර් 16, 2013 දින 5:48 පෙ.ව. ට

        ඔන්න පැතුම මහත්තයගේ සඟරාවේ ලිපියත් එකතු කලා!
        සුභ!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: