නිවස > අත්දැකීම් | Experience, අහුලා ගත්තු දේවල් > කාලය යනු මිනිසා විසින් නිර්මිත සංකල්පයකි. | time is a concept that humans created.

කාලය යනු මිනිසා විසින් නිර්මිත සංකල්පයකි. | time is a concept that humans created.

408056_491096174245735_1170287971_n

*

සමහර මිනිස්සු වයස අවුරුදු දහඅටේදී නාකියි.
සමහර මිනිස්සු වයස අවුරුදු අනූවෙදී තරුණයි.
කාලය යනු මිනිසා විසින් නිර්මිත සංකල්පයකි.

                                              – යෝකෝ ඔනෝ

*

“ යෝකෝ ඔනෝ ”ජපන් ජාතික කලාකාරියකි. ඇයගේ වදන් ගැන ලියන්නට හිතුනේ,

ඊයේ පෙරේදා අපේ ඔෆිස් එකේ වෙච්ච දේවල් මතක් වෙලා.

ඔෆිස් එකේ වාර්ෂික චාරිකාවට සහභාගිත්වය ගැන බලපුවාම තමයි,

“යෝකෝ ඔනෝ” ගේ වචන කොච්චර ඇත්තද කියල හිතුනේ.

*

බලාගෙන ගියාම වයස අවුරුදු විසිහතේ, විසිඅටේ එවුන් ටික,පට්ට නාකි ලෙඩ්ඩු ටිකක්.

මට හිතෙන්න ඔවුන් ශරීරයෙන් තරුණ උනාට,

“මදේ” මැරිලා කියල.

හෙට අනිද්දා පැන්ෂන් යන්න ඉන්න මනුස්සයෙක් එක්ක ඒ ගැන කතා කලාම,

ප්‍රායෝගිකව ඔහුගේ වයස ඇත්තටම පනස් නවයක්ද කියල හිතුනා.

*

වයස දහඅට ගැන කතා කරපු හින්ද,

මට වයස දහ අටේදී ඇතිවුන සිතිවිලි පිළිබද සටහන මෙතනින් කියවන්න.

*

හිතින් “නාකි” වයසින් තරුණ එවුන්ගේ වැරැද්ද කොහෙද කියල කල්පනා කරන්න

තරම් මහන්සි වෙන්න මට කම්මැලි හිතුනා.

මට හිතුනෙම එක අලුත් “Z” පරම්පරාවේ වැරැද්ද කියලයි.

ඒ කෙසේ වෙතත්,එහෙම “මදේ” මැරිච්ච මිනිස්සු ගැන,

දහහතරවන් දලයි ලාමා තුමා ලියපු සටහනකින් එකටත් උත්තරේ හම්බුනා.

*

ඒ වුනාට හිතින් තරුණ, වයසින් පමණක් “නාකි” විදියට ජීවත් වෙන්නේ කොහොමද කියල මම හොයල බැලුවා.

ඒ මනුස්සයා ගැන වෙන දවසක වෙනමම ලියන්නම්.

*

අද කාලයේ අපිට දකින්න ලැබෙන “පුදුම හිතෙන” නොගැලපෙන බව බව ගැන

දලයි ලාමා තුමා කියපු දේ සම්බන්ධ සටහනත් මේ එක්ක ලියන්නම්.*

*the_14th_dalai_lama_1

*
අද අපිට විශාල නිවාස තියෙන නමුත්,
අපේ පවුල් ඉතා ඉතා පුංචියි.
*
එදාට වඩා ජීවිතය පහසුයි,
ඒ වුනාට කාලය හරිම සීමිතයි.
*
එදාට වඩා වැඩි උපාධි ගණනක් තිබුනාට,
සාමාන්‍ය දැනීම හරිම අඩුයි.
*
දැනුම ගොඩාක් තිබුනාට,
ඉස්සරට වඩා  නිවැරදි තීරණ වලට එළඹීම හරිම අඩුයි.
*
විශේෂඥයන්,ප්‍රවීණයන් ගොඩාක් හිටියාට,
ඉස්සරට වඩා ප්‍රශ්න වැඩියි.
*
බෙහෙත් ගොඩක් තිබුනාට,
ලෙඩ ඉස්සරට වඩා වැඩියි,
*
අපි හඳ වෙත ගොස් නැවත පැමිණ තිබුනත්,
පාර පැනලා අහල පහල අලුත් ගෙදරට ආපු
අලුත් අසල්වසියාව මුණ ගැහිලා කතා බහ කරන්න හරිම අමාරුයි.
*
අප විසින් නිපදවන ලබන පරිගණක මගින් වෙන කවරදාකත් වඩා
තොරතුරු ගබඩා කොට, පිටපත් රැසක් නිපදවිය හැකියි.
නමුත් සන්නිවේදනය ඉස්සරට වඩා ඉතාම  අඩුයි.
*
අපගේ සංඛ්‍යාත්මක අගය වැඩි වුවද,
තත්වය ඉතා පහල අගයකට වැටී ඇත.
*
මේ ක්ෂණික කෑමම කන කාලය වුවද,
ආහාර දිරවීම ඉස්සරට වඩා සෙමෙන් සිදුවේ.
*
ඉස්සරට වඩා උස මිනිසුන් සිටියද,
චරිතය ඉතාම මිටිය.
*
ලාභය දිනෙන් දින ඉහල ගියද,
මනුෂ්‍ය සම්බන්ධතා එන්න එන්නම අඩුවේ.
*
මේ කාලයේ පිටට පෙනෙන්ට ජනේලයේ ගොඩක් දේවල් තිබුනත්,
කාමරයේ කිසිවක් නැත.

*

*

Advertisements
  1. සැප්තැම්බර් 25, 2013 දින 3:27 ප.ව. ට

    මරු කතා ටික බං. එහෙම නෙවෙයි කියල කියන්න බැරි තරං. මේ යොකෝ ඔනෝ කියන්නෙ අර අපේ ජෝන් අයියගෙ නෝන නේද?

  2. සැප්තැම්බර් 25, 2013 දින 4:07 ප.ව. ට

    ගත කරන කෙටි අවුරුදු ගණන ඇතුලේදී වැඩිම කාලයක් ජීවත් වෙන්න පුලුවන් මිනිහා තමයි සිරාවටම ජීවත් වෙලා තියෙන්නේ. උඹ දන්නවනේ ප්‍රසන්න අබේසේකර. මම හැමදාම හිතපු දෙයක් තමයි මම වයස පණහ හැට පනිනකල් වැරදිලාවත් ජීවත් වුනොත් වෙන්න ඕන ප්‍රසන්න අබේසේකර වගේ මනුස්සයෙක් කියලා. කවදාවත් වයසට යන්නෙ නෑ. වොයිස් එක විතරක් නෙවෙයි, මනුස්සයාගේ ගිටාර් රිෆ්ස් වත්, අදහස්වත්, ඩ්‍රෙස් සෙන්ස් එකවත් වයසට යන්නෙ නෑ. එවර්ග්‍රීන්!

    • සැප්තැම්බර් 25, 2013 දින 4:12 ප.ව. ට

      තව එකතු කිරීමක් කරන්න ඕන. එක විතරක් නෙවෙයි මචන්, අපි අයිති වෙන එකටත් ඔය අවුල තියෙනවා. උන් ගොඩක් වෙලාවට නාකි වෙලා ඉවරයි මේ වයසට එනකොටම.
      දෙවෙනි එකතු කිරීම. යොකෝ ඔනෝ ගේ ජීවිතේ එවර්ග්‍රීන් කියන එකට හොඳම උදාහරණය ඇගේ ජීවිත කාලය තුළ කරපු දේවල්.

      http://ultimateclassicrock.com/yoko-ono-songs/

  3. සැප්තැම්බර් 25, 2013 දින 4:14 ප.ව. ට

    *තව එකතු කිරීමක් කරන්න ඕන. Z gen එක විතරක් නෙවෙයි මචන්, අපි අයිති වෙන Y gen එකටත් ඔය අවුල තියෙනවා. උන් ගොඩක් වෙලාවට නාකි වෙලා ඉවරයි මේ වයසට එනකොටම.
    දෙවෙනි එකතු කිරීම. යොකෝ ඔනෝ ගේ ජීවිතේ එවර්ග්‍රීන් කියන එකට හොඳම උදාහරණය ඇගේ ජීවිත කාලය තුළ කරපු දේවල්.

    • සැප්තැම්බර් 25, 2013 දින 4:30 ප.ව. ට

      ඇත්ත කතාව!
      කාලය කියන එක සාපේක්ෂයි!
      තව ඉස්සරහට අපිටත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ.
      මම නං කියන්නේ,
      ඊ කාලෙට කරන්න ඕනේ දේවල් ඒ ඒ කාලෙට කරන්න ඕනේ.\එතකොට තමයි
      ලයිෆ් එක සම්පුර්ණ වෙන්නේ.

      කොහෙද අපේ එවුන් කාටුන් බලන්න ඕනේ කාලේ “වැඩිහිටියන්ට පමණයි!” ඒවා බලනවා.
      දැන් කාටුන් බලනවා.

      කිරිසප්පය කාලේ කසාද බැඳලා,
      50,60 වෙලා ලව් කරන්න යනවා.

      ඕක තමයි කතාව!

  4. Raka
    සැප්තැම්බර් 25, 2013 දින 4:59 ප.ව. ට

    ඔය ලෙඩ්ඩු කියල උඹට හිතෙන විසි හතේ විසි අටේ උන්ගෙන් එකෙක් මම…මේ වගේම ලොකු ආටිකල් එකක් ලියන්න දේවල් ඔලුවට ආවත් අපරාදෙ කියල හිතුන…
    ඔය කියන වයසින් නාකි හිතින් තරුණ සෙට් එක හොඳටම දන්නව යනව නම් දැන් යන ට්‍රිප් එකක් තමයි කියල.දරු මල්ලොත් එක්ක අවුරුද්දකට සැරයක් ට්‍රිප් එකක් කියල ඕක තමයි ඔතන ඉන්න බහුතරයක් යන්නෙ..
    අනිත් එක යන දවසෙ උදේට ලොකුවට හිනා වෙච්ච කාර්ඩ් බොර්ඩ් වෙස් මූනක් ඔය හැමෝම දාගෙන එනව කියල උඹට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
    උඹ කියන “Z” පරම්පරාවෙ වැරැද්දක් තියනව ඒක මමත් පිලි ගන්නව ඒ උනාට
    ඔය ට්‍රිප් එක යන නොයන එකෙන් මනුස්සයෙක්ගෙ මදේ ගැන අර්තකථන දෙන්න බෑ බන්….
    අපිට ඕනෙ තරම් ට්‍රිප් යන්න සෙට් එකක් ඉන්නව.අපි ඔනෙ තරම් ට්‍රිප් යනව ඔය ට්‍රිප් එක අම්මල එක්ක යන වන්දනා ගමනක්…ඕක ගියෙ නෑ කියල අපේ මදේ පුස් කන්නෙ නෑ බන්…
    කොහොමත් ඔතන බෝතල් 3ක් 4ක් තිබුනෙ නැත්නම් උඹේ ඔය “යෝකෝ ඔනෝ” පැත්ත පලාතක නෑ…..ඒකත් උඹ හොඳටම දන්නව.ඒක අපිත් දන්නව..
    පිටින් ඉඳන් මිනිහෙක් කරන කියන දේවල් බලන් ඉඳල උගෙ ආකල්ප ගොඩ නැගිල තියෙන්නෙ කොහොමද කියලවත් ඒ මිනිහගෙ මනෝ භාවයන් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල වත් අපිට කියන්න බෑ බන්….
    ට්‍රිප් එකක් යන්න ඕනෙ ඇත්තටම එන්ජොයි කරන්න මිසක් වාර්ශිකව ගියා කියන්න නෙවේ.
    මට ගන්න ඕනෙ ෆන් එක මම අපෙ උන් ටික එක්ක ට්‍රිප් ගිහින් ගන්නව. අපි යන්නෙ වෙස් මූනු දාගෙනෙ නෙවේ.බෝතල් අරගෙනත් නෙවේ.
    සමාජෙ ගැන උඹේ වීව් එක උඹ හිතන තරම් රැඩිකල් නෑ බන්… ඒකයි ඇත්ත.
    මේක මගෙ අදහස එන්නෙ නැති අනිත් උන් ගැන මම දන්නෙ නැත…ස්තුතියි…!!

  5. sudu Manika
    මාර්තු 15, 2016 දින 6:37 පෙ.ව. ට

    ඔවා ඔහොම තමයිගගගග

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: