නිවස > අහුලා ගත්තු දේවල්, චරිතාපදාන | Biography > බැංකු ලිපිකරු සහ මුතු ඇටය

බැංකු ලිපිකරු සහ මුතු ඇටය

අනූවර්තනයකි.

1

මෙය ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවියේ පලවූ ලිපියක අනුවාදයකි.

http://www.espncricinfo.com/magazine/content/story/755407.html


1

ශ්‍රී ලංකාව, දල ජාතික නිෂ්පාදිතය පදනම කරගත් වර්ගීකරණය අනුව 2013 දී 113 වනස්ථානය හිමිකරගනිද්දී, එක්සත් රාජධානිය 21 වන ස්ථානය හිමිකරගෙන තිබුණි. ලංකාව  අනෙකුත් ඉන්දියානු උප මහද්වීපික රටවලට සාපේක්ෂව කුඩා ජනගහනයක් සිටින රටකි.ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය, ඔවුන් ලොව අඩුවෙන්ම දුෂිත රටවල් අතර 91 වන ස්ථානයට වර්ගීකරණය කරයි. ඔවුන්ට ඇත්තේ එකම එක නවීන දියුණු විශාල නගරයක් පමණි. ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ආත්මාර්ථකාමී, අදක්ෂ දේශපාලනඥයන් විසින් නිසිලෙස කළමනාකරණය කරනු නොලබයි. කණ්ඩායමේ සංයුතිය සහ තේරීම පිලිබඳ අවසාන තීරණය රජය විසින් ගනු ලබන අතර ඔවුන් සෑමවිටම මේ ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනු නොලබයි.

නමුත් මෙම වසරේදී ඔවුනට මුළු ලෝකයම පරදා ජයගැනීමට හැකි විය. සුනාමියට තම නිවාස අහිමි වුවන්, ත්‍රස්තවාදීන් වෙතින් වෙඩි කෑ අය, බැංකුවක වැඩකරන බඩ මහත  පුද්ගලයකු ආදීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට, ඉන්පසුව එංගලන්තය පැරදීමට හැකිවිය.

ශ්‍රී ලංකාව අන් සැමට වඩා වෙනස් තැනකි.

1


1

Rangana+Herath+England+v+Sri+Lanka+1st+Investec+rYGUkGPfEKMlකොළඹ සම්පත් බැංකු ප්‍රධාන ශාඛාවේ, සම්පත්  බැංකු ලාංජනය සහිත කමිසයක් හැද සිටින සිනාමුසු රවුම් මුහුණක් සහිත පුද්ගලයකු වෙයි. මේ ඔහුට උපහාර පිදෙන උත්සවයකි. ඔහු දඟපන්දු යැවීමෙහි නිපුනයෙකි. මෙම බැංකුවේ සේවකයෙකු වන ඔහු නමින් රංගන හේරත්ය.

එය කිසිම අකාරයකට ගෞරවණීය තනතුරක් නොවේ.එය සම්පත් බැංකුවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය සඳහා ලද රැකියාවක් නොවේ. ඔහු ඇත්තටම සම්පත් බැංකුවේ රැකියාවේ නිරත වේ. අනිත් සේවකයන් වැඩ කරන්නේ කෙසේද, එසේම ඔහුද තම රැකියාවේ නිරත වේ.ඔහුටද අන් අයට මෙන් තේ බීමට කෝප්පයක් තිබෙනවා වන්නට ඇත.ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන ලැබූන විට මුලින්ම, අමතනවා ඇත්තේ ඔහුගේ බැංකු කළමනාකරු වියයුතුය. ඒ තරගාවලිය සඳහා අදාළ නිවාඩු ඉල්ලීමටය.

2009 දී නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන විටද ඔහු සම්පත් බැංකුවේ රැකියාවේ නිරත වෙමින් සිටියේය. 2012 වසරේදී ලොව සියලුම පන්දු යවන්නන්ට වඩා වැඩියෙන් කඩුලු ලබාගනිද්දීද ඔහු සමපත් බැංකුවේ රැකියාවේ නිරත විය. ඔහු ලෝකයේ දෙවෙනියට හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ශ්‍රේණි ගතවන විටද ඔහු මෙම රැකියාවේ නිරත විය.

මෙම උපහාර උළෙලට දින විසි හතරකට පෙර, හේරත් පන්දු වාර 4 කදී ලකුණු 23කට කඩුල්ලක් දව ගත්තේය. ශ්‍රී ලංකාව, එදින ලෝක  T20 ශුරතාවය දිනාගැනීමට සමත් විය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ණය බරින් පීඩිතය.ණය ප්‍රමාණය කොපමණද කියාවත් දන්නේ නැත.එක වතාවක එය ඇ.ඩො. මිලියන 70 කි. මේ පැරණි ක්‍රීඩාංගන වෙනුවට නව ක්‍රීඩාංගන ඉදිකිරීමටය. (සමහර ක්‍රීඩාංගන එතරම් පැරණිද නැත.) මෙය කිසිවිටකත් ක්‍රීඩකයන් නිසා වියදම් වූ මුදලක් නොවේ.

ෆොර්බ්ස් සඟරාව අනුව පසුගිය වසරේ මහේන්ද්‍ර සිංග් දෝනිගේ වටිනාකම ඇ.ඩො. මිලියන 30 කි.ඔහු නායකත්වය දරන ලද කණ්ඩායම  ශ්‍රී ලංකාව විසින් ලෝක T20 අවසන් මහා තරගයේදී පරදවන ලදී.ක්‍රීඩාවේදී මුදල් විසින් ජයග්‍රහණ මිලදී ගනු ලබයි.ජාත්‍යන්තරයේදී ,මෙම තත්වය තරමක් අඩුය.නමුත් ශ්‍රී ලංකාව ක්‍රීඩාංගනයෙන් පිටත ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ අන් කිසිම රටක දශක ගණනාවක් නොකළ අකාරයටය. ඔවුන්ගේ සහායක සේවක පිරිස නුපුහුණු වන අතර උවමනා ප්‍රමාණය වඩා අඩුය. බොහෝවිට ඔවුන්ට තමන්ට අවශ්‍ය පර්යේෂණ සහ දත්ත විශ්ලේෂණ කරගැනීමට නොහැක.ඒ සඳහා ඔවුහු තරග සඳහා සහභාගී වන මාධ්‍යවේදීන්ගේ පිහිට පතයි.මේවා බොහෝවිට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදුකලයුතු දේය. එක අතකින් ඔවුන් විහිලු සහගත ලෙස වෘත්තීය බවක් නොපෙන්වයි.

මෙම සංචාරය ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට තම ක්‍රීඩකයන් තරගාවලියට පෙර අදාළ රටට පිටත් කල අවස්ථාවයි.හේරත් සහ ශාමින්ද එරංග ටෙස්ට් තරගාවලිය සඳහා කැදවනු ලැබීය.එය වසර ගණනාවක් වෘත්තීයමය ලෙස පවතී ක්‍රීඩාවක් නැවත එම තත්වය පත කිරීම කෙරෙහි තබන ලද පළමු පියවරකි.


කොළඹට උතුරින් හලාවත නම නගරය පිහිටා ඇත.එහි ගාන්ධි තුමා වරක් සංචාරය කරන ලද පෞරාණික හින්දු කෝවිලක් පිහිටා ඇත. වාර්ෂිකව එහි මුන්නේශ්වරම් උත්සවය පවත්වනු ලබයි.කලකදී එය මුතු සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලැබීය. ඔවුනට පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමක් ඇත.ඒ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමයි.

ශාමින්ද එරංග ක්‍රිකට් ලෝකය පැමිණෙන්නේ හලාවතිනි.

ලංකාව සියලු දේට මෙන්ම, හලාවතින් පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ද ‘සිස්ටම්’ එක ඇතුලේ අදෘශ්‍යමානය.දැනට හික්කඩුව නගරයේ වීදි වල ක්‍රිකට් ක්‍රීඩා කරන ටෙස්ට් මට්ටමේ ක්‍රීඩකයන් සිටී.ඔවුන් බොහෝදුරට සිය ජීවිත කාලය තුල ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩා නොකරනු ඇත.

එරංග පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කලේ නැත.ඔහු “සිස්ටම්” එක ඇතුලේ සිටියේ නැත. ඔහු කිසිම විටක ක්‍රීඩා නොකරන්නට ඉඩ තිබුණි. නමුත් ඔහුගේ අනෙක් පන්දු යවන සගයා වන නුවන් ප්‍රදීප් මෙන්ම, ඔහුද වේග පන්දු යවන තරගාවලියකට සහභාගී විය.ඔහු වේගයෙන් පන්දු යැවීය.නමුත් සමහරු ඔහුට වඩා වේගයෙන් පන්දු යැවීය. එම තරගාවලියේ හයවෙනියට වේගයෙන් පන්දු යැවූ ඔහුව කෙලෙසක හෝ හලවත් මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමට තේරුණි. වසර පහකට පසු ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී යවන ලද දෙවන පන්දුවෙන් බ්‍රැඩ් හැඩින් ගේ කඩුල්ල බිද දමීමට සමත් විය.

හලවත් නගරය සෑහෙන කාලයකදී,  ‘මුතු’ වලට පසුව නිපදවන ලද  වටිනාම දේ ශාමින්ද එරංග ය.


හේරත් 1999 සිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරයි. ඔහු “කැරම් පන්දුව” සොයාගත්තේය. ඔහු ඉන්පසු පළමු පෙළ තරග සහ බැංකුව අතරට අතුරුදහන් විය.ඔහුව නැවත ජාතික කණ්ඩායමට තේරී පත්වනවිට ඔහු එංගලන්තයේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරමින් සිටියේය.

ලංකාවේ ඔහුගේ මුහුණ රැගත් වෙළඳ දැන්වීම් පුවරු නැත.ඔහු සංගක්කාර,මහේල,ලසිත් මාලිංග හෝ ඇන්ජලෝ තරම් ප්‍රසිද්ධ නැත.අජන්ත මෙන්ඩිස හටද චිකන් සොසේජස් ආයතනයක් අනුග්‍රහය දක්වයි.හේරත් ටෙස්ට් කඩුලු 200 සහිත, එතරම් ප්‍රභල නොවන පන්දු යැවීමේ බලඇණියක් ඇදගෙන ගිය  ටෙස්ට් පන්දු යවන්නෙකු වුවද, ඔහු තරුවක් හෝ පුරාවෘත්තයක් නොවේ.ඔහු නිකම්ම නිකන් “හොඳ” ක්‍රීඩකයෙකි.

ස්ටුවර්ට් බ්‍රෝඩ් ට එරහිව හේරත්, තරමක් පහලට වූ අතක් සහිත ඉරියව්වකින් පන්දු යැවීය. බ්‍රෝඩ් දඟ පන්දු යවන්නන්ට පහර දීමට දිගු පියවරක් ඉදිරියට තබයි.හේරත් හරියටම හරි කෝණයෙන් සහ දඟ කැවීමකින් යුතුව බ්‍රෝඩ් ට පහරදීමට මගහැරෙන ලෙස පන්දුවක් යැවීය.

ජේම්ස් ඇන්ඩර්සන්ට හේරත්, තරමක් ඉහලට වූ අතක් සහිත ඉරියව්වකින් පන්දු යැවීය. පන්දුව පිත්තටම පැමිණෙන විට, ඔහු පිත්ත පන්දුව අසලටම ගෙන පහර දෙයි.පන්දුව ඉහලට ඉසවෙන විට ඔහු පිත්ත යොදා පන්දුව පහලට හෙලයි.හේරත්, මේ අවස්ථා දෙකෙන් එකකින් ඔහුගේ කඩුල්ල දවාලීමට මාන බැලුවේය.

බ්‍රෝඩ් ඔහුගේ උගුලට හසුවූ අතර ඇන්ඩර්සන් කෙලෙස හෝ බේරුනේය.


1

187973.2ඔහු එරංගට පළමු ඉනිමේ බොහෝ හරියකට කිසිවක් කරගත නොහැකි විය.පන්දුවේ දෝලනයක් තිබුනද, එය ප්‍රමාණවත් නොවීය. ඔහු සෑම් රොබ්සන්ට නියම ඉලක්කයට පන්දු යැවුවද රොබ්සන් ලවා උඩ පන්දුවක් ලබාගැනීමට නොහැකි විය. එංගලන්තය සමග තරගය තවත් ඈතින් ඈතට යන්නට විය.දෙවන නව පන්දුවද එරංගට කිසි සහනයක් ලබා නොදෙන ලදී. ශ්‍රී ලංකාවට සියලු බලාපොරොත්තු අහිමිව තිබුණි.එවිට ඔවුන්ට ඉයන් බෙල්ගේ කඩුල්ල දවාගැනීමට හැකිවුණි.එය එරංග ලබාගත් කඩුල්ලයි. තවදුරටත් ඔහු මොයීන් අලී ගේ කඩුල්ල ලබාගත්තේය. පසුදා උදෑසන ක්‍රිස් ජෝර්ඩන් සහ ඇන්ඩර්සන්වද දවාගත්තේය. ශ්‍රී ලංකාව තවදුරටත් පිටුපසින් සිටියද, ජයග්‍රහණයක සේයාවක් ඈතින් විය.

දෙවන ඉනිමේදී එරංග එම තරගාවලියේදී යවන ලද නරකම පන්දු යැවීම සිදු කළේය. ලෝර්ඩ්ස් හිදී ඔහු හොඳම පන්දු යවන්නා විය.පළමු ඉනිමේදී ඔහු පසු බස්සද, නැවත කඩුලු කරා පැමිණියේය.නමුත් ඔහු කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවේදී නිවැරදි ලෙස පන්දු යවන්නට අපොහොසත් විය.ඔහුට ඉලක්කය නොමැති විය. ඔහුට පිතිකරුවන් පන්දුවට පහර දීමට පෙළඹවීමට නොහැකි විය.ඔහු වැඩිපුරම බවුන්සර් පන්දු යැවීය.ඔහු පොඩ්ඩක් හෝ හොඳ ලෙස පෙනුනේ ජෝ රූට්ගේ දත් ටික ගැලවීමට උත්සාහ කල පන්දුවේදී පමණි.

එයත් නිසි පරිදි වැඩ කලේ නැත.

ඔහු ජෝර්ඩන්ගේ කඩුල්ල ලබාගත්තද,එහිදී ඔහු පන්දු යැවීමේ සීමා ඉර ඉක්මවා තිබුණි.

එරංගගේ පළමු පන්දු ඕවර 23 යි පන්දු හතරෙහි විශේෂත්වයක් තිබුනේම නැත.

ඔහුට අවසාන පන්දු වාරය යැවීමට ලැබුනේ ඔහුගේ වාසනාවටම විය. ධම්මික ප්‍රසාද් එයට පෙර පන්දු වාරය යවා තිබුණි.හේරත් හට ඇන්ඩර්සන් පරදවාලිය නොහැකි විය.ප්‍රදීප් වෙහෙස මහන්සිවී සිටි බව පෙනුනි. ඇන්ජලෝ මැතිව්ස් හට පළමු ඉනිමේ ලද දස්කම් නැවත පෙන්වීමට නොහැකිවී තිබුණි.

අවසාන ඉතිරි වී සිටියේ එරංග පමණි.


ශ්‍රී ලංකාව දිනන විට ඔවුන් ඔවුන්ගේ දක්ෂතාවයට අදාළ ගෞරවය ඔවුන්ට හිමිවන බවක් පෙනෙන්නට නැත. ඔවුන් දිනන විට එක්කෝ එය යුවරාජ් සිංග් ගේ අදක්ෂතාවය හෝ තමන්ගේ රටේ තනනිලි සහ දේශගුනික තත්වවල  පිහිටෙනි. එහෙත් නැත්තන් අනෙක් කණ්ඩායමේ ගන්නට දෙයක් නැත. හෙඩින්ලී වලදී ශ්‍රී ලංකාව නුතන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිස්ටතම පුනරාගමනයක් සටහන් කළේය. ඔවුන්ගේ නායකයා නුතන ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී ඉනිමක්‌ ක්‍රීඩා කළේය. ඔවුන් එංගලන්තයේදී,  තමන් ලබන පළමු තරගාවලි ජය අභිමුව සිටී.එය වසර විස්සකට පසු ආසියාවෙන් පිටත ලබන පළමු ප්‍රධාන පෙලේ තරගාවලි ජයයි.

එයින් පසුදින මුළු ලෝකයම කතා කලේ පරාජයවු පිලේ කණ්ඩායම නායකයා දිගින් දිගටම මුහුණ දුන් පරාජය පිලිබදවයි.

තරගාවලිය පෙර ඔවුනට ඔවුන්ගේ පුහුණුකරු ප්‍රතිවාදී පිලට ලබාදී නිහඬ වීමට සිදු විය. එංගලන්තයේදී ක්‍රිකට් සම්ප්‍රදාය බිඳීමේ චෝදනා (සචිත්‍ර සේනානායක “මන්කාඩ් ”සිද්ධිය) වලට මුහුණ දීමට සිදු විය.ඔවුන්ගේ දඟ පන්දු යවන්නෙකුට ක්‍රිකට් නීති බිඳීමේ චෝදනා එල්ල විය. ඔවුන්ගේ පන්දු යැවීමේ බල ඇණිය ළමා සෙල්ලම් බඩු ගොඩක්, ප්‍රමාණයට වඩා පුම්බන ලද ප්‍රාන්ත පන්දු යැවීමේ බලඇණියක් ලෙස හදුන්වා දෙන ලදී. ඔවූන්ගේ පිතිකරුවන් දෝලනය වන සහ බවුන්සර් පන්දු හමුවේ මුහුණදීම සැකසහිත විය.ඔවුන්ව බවුන්සර් පන්දු බෝම්බ බදු වනු ඇත. ශ්‍රී ලංකාව මෙහි පැමිණ ඇත්තේ සමුලඝාතනය වීම පිණිසය.ශ්‍රී ලංකාවට ඔවුන්ගේ අසරණ තත්ත්වය ආක්‍රමණය තදින්  දැනුනි.

ලෝර්ඩ්ස් හිදී තත්වය තවත් නරක අතට හැරුනේ බ්‍රෝඩ් සහ ඇන්ඩර්සන්ගේ ආක්‍රමණශීලී පන්දුයැවීම සහ අතිශය කටකාර රූට් ප්‍රමුඛ සුද්දන්ගේ හැසිරීම් නිසායි.ප්‍රදීප් (බොහොදුරට ) හිස ගසා දැමීමකට ලක්විණි. ඉන්පසු කුක් සචිත්‍ර පිළිබඳව කරන ලද ප්‍රකාශ නිසා ශ්‍රී ලාංකිකයන් හිත් තැවුලට පත්ව සිටිනු දක්නට ලැබුණි.එංගලන්තය එක දිගට දින 8ක් තිස්සේ ශ්‍රී ලංකාව පාගාගෙන සිටිනු දක්නට ලැබුණි.

ශ්‍රී ලාංකිකයන් හට සිනාමුසු පරාජිතයන්ගේ භූමිකාව තිත්ත වී තිබුණි. ඔවුන්ට ජයක් අත්‍යවශ්‍යවී තිබුණි. ඔවුන් ජයක් දුටුවහ. ඒ නිසා ඔවුන්ගේද කටට නැවුම් පණක් ලැබුණි.  රූට්ගේ ඉනිම පුරාවට සහ බ්රෝඩ්ගේ මිනිත්තු විස්සේ වැසිකිලි විරාමයට කන පුරා අහගන්නට ලැබෙනු දක්නට ලැබුණි.


ශ්‍රී ලංකාව එංගලන්තයට ගෙන එන ලද්දේ ඔවුනට එතෙක් මෙතෙක් සිටි හොඳම කණ්ඩායම නොවේ.මීට පෙර ඔවුන්ට මුරලි,දිල්ශාන්, වාස් සහ ජයසුරිය සිටියහ. ඔවුනට තම කණ්ඩායමේ සදාතනික වීරයන් දෙදෙනෙක්, වීරයකු වීමට පෙරුම් පුරන්නෙක් සහ දෙවනියට හොඳම දඟපන්දු යවන්නා සිටියහ.

මෙයට මතරව ලකුණ 72.78 කට වරක කඩුල්ලක් ලබාගන්න නුවන් ප්‍රදීප් සහ ඉනිම මුලදී නොදැවී සිටීමට තවමත් ප්‍රතිශක්තියක් නැති දිමුත් කරුණාරත්න සිටියහ. ලහිරි තිරිමාන්න තමාට ලකුණු ලබාගත් හැකියයි යන විශ්වාසය ඇත හැර තිබුණි.ප්‍රසන්න ජයවර්ධන කඩුල්ල පිටිපස සහ පිත්තෙන් තමාට ලබා දිය හැකි සියලු සේවාවන් අවසන් බව පෙන්නුම් කරමින් සිටියේය.

මහේල ජයවර්ධන ශතකයක් ලැබ නොගත්තේය. හේරත් එක ඉනිමක කඩුලු පහක ලබ නොගත්තේය. නුවන් කුලසේකර පළමු තරගයෙන් පසුව ඉවත් කරන ලදී.නමුත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයන් ඉස්මතු වෙමින් තිබුණි.මෙයට පෙරද එක වතාවක ඔවුන් ටෙස්ට් තරගයක පස්වන දින විදේශීය රටකදී ජයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පසු විය. නමුත් ලෝකයේ දුර්වලම පිතිකරුවාද, කෙසේ හෝ තම කඩුල්ල බේරාගනිමින් ලංකාවේ  ජයට එරෙහි විය. ලංකාවට එංගලන්ත පන්දු බලඇණිය සමග කිසිලෙසක හැප්පෙන්නට පුළුවන්කමක් නොවීය.එනිසා ඔවුන්ගේ පන්දු රකින්නන් හැකි ලෙසට තම දායකත්වය ලබාදෙන්නට උත්සාහ කළහ. මැදපෙල පිතිකරුවන් අසාර්ථක වු විට අවසාන අඩියේ පිතිකරුවන් තම දායකත්වය සැපයුහ.

ඇත්තටම එය එහෙං මෙහෙන් අහුලාගත් ක්‍රිකට් ශිල්ප කිහිපයක් මිස, අමුතු කලාවක් ඔවුන් තුල නොවුහ.නමුත්, ඔවුහු පරාජයට පත්වීම ප්‍රතික්ෂේප කළහ.ඔවුහු ආපසු හැරීමට අකමැති වුහ.ඔවුන් හිනාවුනේ හෝ මහත්වරුන් ලෙස ක්‍රීඩා කලේ නැත.ඔව්හු තම අඬු පඬු විහිදුවමින් කෑගැසුහ.

පොතට අනුව ශ්‍රී ලංකාව කෙලෙසවත් එංගලන්තය පරාජයට පත කල නොහැක. ශ්‍රී ලංකාවා සැම අතින්ම පරාජයට පත්විය යුතුය. පුහුණුවීම්, මුල්‍යමය තත්වය, පුහුණුවීම්,පහසුකම් ආදී සියල්ල මෙයට සාධකය.මේ සියල්ල ලංකාවට වඩා එංගලන්තයට වාසිදායක ලෙස පැවතින.1

1


1

187979.21ඇන්ඩර්සන් එංගලන්තයට ක්‍රීඩා කිරීමට පටන් ගන්නේ වයස අවුරුද් 12 සිටය.ඔහු වෘත්තීයමය ක්‍රීඩකයෙකුට හොඳම උදාහරණයකි. ඔබට ඔහුගේ මුහුණ ලන්ඩනයේ තට්ට්ටු දෙකේ බස් රථවල වෙළඳ දැන්වීමවල දකබලාගත හැක. ඔහු පන්දු යැවීමෙන් ලොව පුරා තරග ජයග්‍රහණය කර ඇත. පිත්තෙන්ද ඔහු තරග පරාජයෙන් බේරාගෙන ඇත. එදිනද ඔහු පන්දු 54ක් පුරාවට ක්‍රීඩා කලේ තමාගේ එකම එක වැරදීමකින් ටෙස්ට් තරගයක්,තරගාවලියක් පැරදීමට ඇති හැකියාව පිළිබඳව ඇති වෘත්තීයමය දැනීම ඇතිවය.ඔහු සෑම පන්දුවක්ම හොඳින් ක්‍රීඩා කළේය.ශ්‍රී ලංකාව කිසිවිටක තරගය අත හරියේ නැත.

තමා මුහුණදුන් 55වන පන්දුවේදී ලෝකපුජිත වෘත්තීයමය ක්‍රීඩකයා හට, ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ හයවෙනියට වේගවත්ම පන්දු යවන්න විසින් බවුන්සර් පන්දුවක්  එල්ල කරන ලද අතර, උඩ පන්දුව ඉතා සෙමෙන් පන්දුව කරා දිවයන කුරුණෑගලින් බිහිවූ බඩ මහත හාදයා විසින් රැකගන්නා ලදී.

1


බැංකු ලිපිකරු සහ මුතු ඇටය.

ශ්‍රී ලංකාව අන් සැමට වඩා වෙනස් තැනකි.


Advertisements
  1. sudeeka
    ඔක්තෝබර් 25, 2014 දින 12:43 ප.ව. ට

    මෙය කව්රුන් ලීවත් අපූරු ලිපියකි. ඔබගේ පරිවර්තනයද අනර්ඝය.

  1. ඔක්තෝබර් 7, 2014 දින 12:03 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: