ඒත් අපි එක පංතියේ…!

11

එදින ඔහුගේ ගී හඬපැති කිහිපයකින් මා හැඩවීය.

සවස්යාමයක 154ක දෙමටගොඩ හරියේදී ඔහු ගැයූ ගීය අසන්නට ලැබුණි.ඔහු මීට පෙර කිහිපවිටක් මා හට මුණගැසීඇත්තේබස්රථ වලදීමය. දෙඅතේ අත්වාරු දෙකක්, රබානක් සහ පිටෙහි බෑගයක්ඇත. කමිසය සහ ඩෙනිම් කලිසම පරණ නමුත් අපිරිසිදු නැත. කොණ්ඩය දිගට වවලාය,නමුත් පිළිවෙලය.අතෙහි විශාල රිදීවන් “බ්‍රේස්ලට්” එකකි.

බස්රථ වලට ගොඩවන අන් අය මෙන්, ඔහු තම ඛේදවාචකය “මාකට්” නොකරයි. රැකියාවට යන තරුණයෙකු දුටුවිට “මමත් මල්ලි වගේ තමයි ඉස්සර” යන්න ඔහුට කියවෙයි.“සුපිරියට හිටියා, කොහෙද මේ ඇක්සිඩන්ට් එකක් උනානේ!”.

ඔහුගීත ගයා මුදලක් ලබාදී ආධාර කරන මෙන් නොඉල්ලයි. හෙන ගහනා මෙන් ඇසෙන හෝර්න් හද මැද්දේ, කිසිදා නිමනොවන වාහන තදබදයට මැදිව, හිස් ලූ ලූ අත පිස්සුවෙන් මෙන් දුවගෙන යන සිය රසිකයන්ට, තමන් ගයන ගීතයට උපරිම සාධාරණයක් ඉටුකිරීමට ඔහු නිරතුරු වෙහෙසෙයි. නොනවත්වා ඔහු ගීත තුනක් පමණ ගායනා කරයි. සමහරවිට ඔහු දෑස් පියාගෙනගීත ගයයි.සමහර මගීන් තමන් බසින ස්ථානය ලංවූ විට බලෙන් ඔහුට තට්ටු කොට මුදලක් ලබාදෙයි. ඔහුට මුදලක් නොදීම ඔහුට කරන අකටයුත්තක් සේ ඔවුනට සිතෙනවා විය හැක.

ඔහුට මුදලක් දුන්විට ඔහු මගීන්ට, ඔවුන්ගේ දෙමව්පියන්ට පිං අනුමෝදනා නොකරයි. දරුවන්ගේ අධ්‍යාපනයට, එන යන ගමනට සාර්ථකත්වය නොපතයි. ඒ ඔහුගේ හැටියි.

 

මා තොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ

දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ නංගියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ

කරවටින් අත දමා හිනැහුණු කෝ නුඹේ යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන්
කාටවත් නැති දුවේ කවුරුත් නුඹ රකීවිද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැදවයි බේබිලා හඩනා හඩින්
මායිමේ වැට අඩගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවාගන්නට දුවේ ඩිංගක් හිනැහියන්

යුද්ධය කොහෙන් ගියත් කුරිරුය.

සමාජයට සමහර වෙලාවට අප මිනිසුන් බව අමතකවී ඇත.
සිංහල ගුරුවරියක උතුරේ යුධ සමයේ ගුරුවරියක ලෙස සේවය කරයි.
අධ්‍යාපනය ලබන්නට පෙර ජීවත් විය යුතුය.

සරෝජාව රැගෙන යන්නට තාත්තා එන්නේ නැත.
ඔහු යුද්ධය විසින් බිලිගෙන ඇත.
සමාජයට සමහර වෙලාවට අප මිනිසුන් බව අමතකවී ඇත.
දකුණේ සිංහල ගුරුවරියට ඇය කැටුව යා නොහැක.

සරෝජාගේ ඉරණම
LTTE සාමාජිකත්වය,
කොළඹ මන්දිරයක මන්දිරයක මෙහෙකාර සේවය,
තල්  අරණේ ලෙයින් මිහිදන් වීම
අතර දෝලනය වෙයි.
අපේ සමාජයට සරෝජාගේ තත්වය කෙසේ වෙතත් , මේ ගීතයවත් තේරුම් ගත හැකිද යන්න ප්‍රශ්නකාරීය.

සමහරවිට මේ සටහන මේ වගේ comments වැටෙන්න පුළුවන්.

” මේක මචන්, හමුදාව යුද අපරාධ කලා කියන්න ලියපු සින්දුවක්.
එතකොට උඹ හදන්නේ කොටින්ට සුදු හුණු ගාන්නද?
උඹ කියන්නේ යුද්ධෙන් බට කෑවේ උතුරේ උන් විතරයි කියලද?
ෂුවර් එකට මේක NGO එකකින් ෆන්ඩ් කරලා ලියවපු සින්දුවක්.
අහවලා ජනාධිපති වෙලා හිටියනං, මේ ප්‍රශ්න මොකවත් නැහැ නේ.
පේනවා නේද යහපාලානේ හැටි.
ඕකට තමා ආශ්චර්යය කියන්නේ.සුභ අනාගතයක්.! ”

 

මහත්වරුණි,

යුද්ධය, දිළිඳු කම, ආදියෙන් සියලු මනුෂ්‍යයෝ පීඩා විඳිති.

අප පැමිණෙන විට තිබු සමාජය වඩා,

අප නික්ම යන විට ඇති සමාජය වඩා යහපත් එකක් කර යාමට වගබලා ගනිමු.

Advertisements
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: