Archive

Archive for පෙබරවාරි, 2020

‘නිදහසේ ඉගිලිලා යමු එක රෑනක’

https://youtu.be/YNAcnLRNGr8

ගී පද

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

 

1

 

කතාව

අපේ ජීවිතත් හරියට මේ සින්දුව වගේ.
හරියට සේනක බටගොඩ වගේ.

ජීවිත් කාලයක් තිස්සේ එක එක බොරු දේවල් පස්සේ දුවල දුවල හති වැටිලා,
ආපහු හැරිලා බලනකොට, ඔක්කොම දේවල් අල්ලන්න බැරි තරම් දුරට ගිහිල්ලා වගේ.

ඇත්තටම කරන්න ඕනේ වටිනා දේවල් කරන්න දැන් වෙලාව මදි වගේ.

මුලින්ම මේ සින්දුව ඇහුනේ වෙඩින් එකක, කුඩුවෙන්න ගහල ඉන්න කොට.
එක පාරටම එතන ඉදන් අහසේ පාවෙලා වගේ,
ලන්ඩන් වලට ගියා,
බෞද්ධාලෝක මාවතේ පරණ ගෙවල් පැත්තට ගියා,
ශක්ති එකට ගිය,
හෙබ්බාල් වලට ගියා,
අයිල් ඔෆ් වයිට් වලට ගියා.,
ඔස්ට්‍රේලියාවට ගියා.

හරියට මැරුණට පස්සේ මනෝකාය යනවා වගේ.

එවලේම හිතාගත්ත මැරෙන්න මොහොතකට කලින් මේක අහල තමයි මැරෙන්න කියලා.
මොකද මැරුණට පස්සේ එහෙම යනවා නම්,
මේ සින්දුව තමයි බැක්ග්‍රවුන්ඩ් මියුසික් වලට තියෙන්න ඕනේ.

ටිකක් වෙලා අහගෙන ඉන්නකොට, හිතෙනවා මේ වගේම සින්දුවක් අහල තියෙනවා කියල.
බලනකොට හරි. “අපි කවුරුද?” සින්දුව.
හෙණම ගහන්න ඒක ලියලා,කියලා, මියුසික් කරලා තියෙන්නෙත් සේනක බටගොඩ.

අපේ පරම්පරාවේ කට්ටිය ඇත්තටම ඉන්නේ අතරමං වෙලා සහ හිරවෙලා.
කරන්න ආසා දේවල් සහ කරන්න වෙලා තියෙන දේවල් අතර.
මම හිතන්නේ ඒ අතර හරිම සුළුතරයක් තමයි, තමන්ගේ TRUE POTENTIAL එකට ගිහිල්ල තියෙන්නේ.හරියට සේනක බටගොඩ වගේ.
ඔහු බොහොම වයෝවෘද්ධ වයසේදී හරි අපිට අඳුන ගන්න ලැබිච්ච එක ලොකු දෙයක්.

ගොඩක් දෙනා “තමන්ට ඇත්තටම ඕනෙ මොනවද?” කියන එක දන්නේ නැහැ.
මම දන්නා මිනිස්සු බාගෙට බාගයක් IELTS කරනවා.
ලංකාව හරි යන්නේ නැහැ, රට යන්න.
එහේ ගිහින් කරන්න ඕනේ මොකක්ද?
මෙහෙට වඩා එහෙ හොද ඇයි?
අපි මෙහෙ මුහුණ දෙන ප්‍රශ්නවලට එහෙදි විසදුම් ලැබෙනවා නම් හොඳයි.

ලංකාවේ ඉතුරු වෙලා ඉන්න ටික කොහොම හරි ළමයින්ව ඉස්කෝලෙ දාන්න දඟලනවා.
මම මේ එකකටවත් නෑ කියල නෙමයි කියන්නේ.
මම මේ ඔක්කොම දේවල්වල ඉන්නවා.

ඕක තමයි හිරවීම.
ඕකෙන් කවද හරි නිදහසේ ඉගිලිලා යන එක තමයි හීනය.

ප්‍රවර්ග:Uncategorized