Archive

Archive for the ‘“කවි” ( ලියන්න ට්‍රයි කරපු )’ Category

අවසාන වතාව | one last time

majestic-city

තවත් අවසාන වතාවකට
‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’
මම ඇයට කීවෙමි.

ඇය,
පළමු මහලේ සිටි මා හා,
මැජස්ටික් සිටියේ  තඩි පියානෝවට උඩින්
(ඔහුට හොරා)
සිනාසුණාය.

Advertisements

මුහුදු වෙරල අසල මාවත |marine drive

ඔක්තෝබර් 23, 2013 ප්‍රතිචාර 3ක්

528651_401339379905823_218257568214006_1199361_801327929_n

*

ප්‍රේමය

නින්ද

අමරණීය මතකය

බම්බුව!

______

*

හැන්දෑව

මුහුදුවෙරල

මධුවිත

වෙරළේ හැපී විසිරෙන හීන .

______________________

*

කළුවර

රේල්පාර

කෝච්චිය

හැල්මේ දුවන හිස් ජීවිත.

___________________

ලාඳ

ලා සඳ

තනිතරුව

ප්‍රාර්ථනා විශ්වය

ජීවිතය.

______

*

ඉරිසියාව | BMW ActiveHybrid7

ඔක්තෝබර් 18, 2013 ප්‍රතිචාර 4ක්

vvv

*

බී.එම්.ඩබ්ලිවු හයිබ්‍රිඩ් රථයක ගමන්කළ යුවලක්ද,

අනෝරා වැස්සේ,

බඩු මලු අතදරා,

පුංචි කුඩය යටින්,

හිනැහෙමින් ගිය,

අප දෙදෙනා දෙස,

ඉරිසියාව මුසුවූ බැලුම් හෙලූහ.

*

Happy Valentine’s Day! | 2010/02/14

123

*

ආදරණීය උත්පලා,*

*

සඳඑලිය නැතිවුවද,
මද අඳුර අද්දරින්,
කුමුදුවී සුපිපෙන්න.

*

*

Happy Valentine’s Day!

වරුණ

*

2010/02/14

*

 

අහසට කඩා වැටෙන්නට ඉඩ දෙන්න. | skyfall

222

මේ අවසානයයි.

*

හුස්ම නොගෙන දහයට ගනින්න.

එවිට ඔබට පෘථිවිය බ්‍රමණය වනු දැනෙනු ඇත.

මගේ හදවත් ගිනිගෙන දැවෙනු දැනෙනු ඇත.

මේ අවසානයම තමයි.

මම ගිලී, කිමිදී, සිහිනෙන් මෙය දැක ඇත.

*

අහසට කඩා වැටෙන්නට ඉඩ දෙන්න.

සියල්ල සුනු විසුනුවී යනු ඇත.

අපි නොසැලී සියල්ලටම එකට මුහුනදෙමු.

*

අහස කඩාවැටෙන විට,

හෙන හඬින්  පුපුරාවී,

දහවල අඳුරු වේවි.

*

ඔබ ළඟ මගේ නොම්මරය ඇත,

මට මගේ නම ඔබට පැවසිය හැක.

ඔබ යන තැන මමද යමි.

මට පෙනෙන දේ,

ඔබටත්  පෙනෙනවාද?

*

මම මින්පසු කිසිදාක මමම නොවනු ඇත.

*

ඔබගේ ආදරණීය ඇස් මා අනතුරින් ගලවනු ඇත.

ඔබ අත,

මා අත මත තබා ,

අහස කඩාවැටෙන විට නොසැලී නැගී සිටිමු.

*

” නැවත හමුවීම ” | de ja vu

1

*

*

පෙරේදා නිදහස් චතුරශ්‍රයේදී,

*

“මනමේ” කුමරිය යලි මුණගැසිණ .

*

අහෝ!

*

කාලය කල අරුමක මහත!

*

වැද්දා දැන් කඩ්ඩෙන්ද කොටන්නේය.

*

*

පොරොන්දුවීම | promises

සැප්තැම්බර් 28, 2012 ප්‍රතිචාර 2ක්

1

ආයෙත් කවමදාවත් හමුනොවන්න,

හමුවුනත් හොරෙන්වත් හිනා නොවී ඉන්න.

කියනා දේ කවදාවත් බැරි නම් ඉටුකරන්න,

ඒ ගැන පොරොන්දු නොවී ඉන්න.

1